කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්.

නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. දික්වල්ලගේ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුට තහනම යම්තාක් දුරකට අඩු කර තිබේ. කුසල්, දික්වැල්ල සහ ධනුෂ්කට එරෙහි පරීක්ෂණ වාර්තාව දඬුවම් නිර්දේශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් බව විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ නිලධාරියෙකු පැවසුවේය.

මෙම ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය අද (29දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණ. ඒ එම විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුව හමුවේය.මෙම කමිටුව අද දිනයේදීම අදාළ පරීක්ෂණයේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නියමිතය.මෙම පරීක්ෂණය සඳහා පත්කළ කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු ඇතුලත්ව සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12