AFC Banner
Empty Ad
Empty Ad

කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්.

නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. දික්වල්ලගේ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුට තහනම යම්තාක් දුරකට අඩු කර තිබේ. කුසල්, දික්වැල්ල සහ ධනුෂ්කට එරෙහි පරීක්ෂණ වාර්තාව දඬුවම් නිර්දේශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් බව විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ නිලධාරියෙකු පැවසුවේය.

මෙම ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය අද (29දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණ. ඒ එම විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුව හමුවේය.මෙම කමිටුව අද දිනයේදීම අදාළ පරීක්ෂණයේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නියමිතය.මෙම පරීක්ෂණය සඳහා පත්කළ කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු ඇතුලත්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54

?