ඔන්ලයින් නැතුව පාඩම් උගන්වන්න රජයෙන් අලුත් වැඩක්

සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා විෂය නිර්දේශයට අනුව සකස් කළ පාඩම් මාලා විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසනවා.

පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවද පාසල් අධ්‍යාපනය හදාරන සිසු දරුවන්ට අධ්‍යාපනය අඛණ්ඩව ලබා දීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ රූපවාහිනී නාලිකා ආරම්භ කිරීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පාසල් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන්  අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පළමු වසරේ සිට 13 වසර දක්වා වන අධ්‍යාපන නාලිකා 13කුත් උසස් පෙළ විවිධ විෂයය ධාරාවන් යටතේ වන නාලිකා 04කුත් වශයෙන් මෙම නාලිකා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, එමගින් රූපවාහිනිය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය අඛණ්ඩව හැදෑරීමට අවස්ථාව හිමිවන බවත්, අමාත්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව දැනටමත් විෂය මාලා සම්බන්ධයෙන් වන රූපවාහිනී වැඩසටහන් පටිගත කරමින් පවතින බවත්, එම පටිගත කිරීම් අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණයට භාජනය වන බවත්, නුදුරේදීම එම පටිගත කිරීම් සූදානම් වූ විගසම අදාළ පටිගත කළ අධ්‍යාපන වැඩසටහන් රූපවාහිනිය හරහා විකාශය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් වන සහාය රජයේ නාලිකාවලින් මෙන්ම පෞද්ගලික නාලිකාවලින්ද ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15