රෝහල් සියයක් ඉදිරිපිට කෑම පැයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක්

හෙද සේවාවේ එකදු ඉල්ලීමකටවත් අවසාන විසඳුමක් මෙතෙක් ලබානොදීමට එරෙහිව දිවයින පුරා රෝහල් සියයක් ඉදිරිපිට හෙද කාර්ය මණ්ඩලය අද (28 වැනිදා) උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ ඉල්ලීම් නවයක් මුල්කරගත් වැඩවර්ජනයට දින 25ක් ගත වුවද මෙතෙක් එම ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

එම ඉල්ලීම් නවයෙන් දෙකක් වන උසස්වීම් සහ මාණ්ඩලික සේවාවලට අදාළව කැබිනට් පත්‍රිකා අනුමත වුවද අද වනතුරු සෞඛ්‍ය අමාත්‍යංශ ඒ සඳහා කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

එම නිසා එයට විරෝධය පළකරමින් අද (28 වැනිදා) දහවල් 12 සිට 1 දක්වා කාලයේ තෝරාගත් රෝහල් සියයක් ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය.

අද (28 වැනිදා) දවසේදීත් මෙයට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ගැසට් පත්‍ර නිකුත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරි සතියට පසු දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මෙහිදී අවධාරණය කළේය.

වරුණි පෙරමුණ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15