“වාහන පරිස්සම් කරගන්න” – වාහන ගැන ඇසුනු අමුතුම කතාවක්

වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නියැලුණු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 32 හැවිරිදි වියේ පසුවන මහනුවර, කොටුගොඩැල්ල වීදිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වාහනයක් සති දෙකක කාලයක් සඳහා ලබාගෙන ඇති අතර එලෙස ලබාගෙන ඔහු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු විසින් වාහන කුලියට ලබාදෙන ආයතනය වෙත ලබාදී ඇති ලේඛනද ව්‍යාජ ඒවා බවටයි අනාවරණය ඇත්තේ. ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් වංචා පිළිබඳව පැමිණිලි 48ක් පමණ ලැබී ඇති බවයි. සැකකරු සම්බන්ධයෙන් මහනුවර අධිකරණය හමුවේ විවෘත වරෙන්තු 06ක් ද පවතින බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මොහු අත්අඩංගුවට ගෙන ඊයේ (26) දිනයේදී හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?