ඉෂාලිනිගේ මරණ වාර්තාව දුටු මවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක පිලිස්සී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා අද යලි අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා.

ඒ ඔවුන් පැය 48 රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

අදාළ දැරිය කෘරත්වයට පත් කිරීම, බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම, බාලවයස්කාර දැරියක් වෙළදාම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඊට අමතරව රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන ශිහාබ්දින් ඉස්ම්දීන් අත්අඩංගුවට ගනු ලැබුවේ රිෂාඩ් බදියුදීන් අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුගේ නිල නිවසේ සේවය කල තරුණියක් අවස්ථා දෙකකදී දුෂණය කිරීම සම්බන්ධවයි.

එම සැකකරුවන් සිව්දෙනාම පෙරේදා කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පැය 48 රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණා.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳව කිරුලපන පොලීසියේ රඳවා සිටි අතර ඇගේ පියා, සහෝදරයා සහ බදියුදීන් පවුලට දැරිය අලෙවි කල තැරව්කරු බොරැල්ල පොලිසියේ රඳවා සිටියා. 

අද පෙරවරුවේ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ කිරුලපන පොලිසියේ සිට බොරැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු සෙසු සැකකරුවන් සමග ඔවුන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 36 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක පිලිස්සී මිය ගිය දැරියගේ මව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් අද ඉදිරිපත් කළා. 

මියගිය ඉෂාලිනිගේ මව පැමිණිල්ලෙන් අනතුරුව මෙසේ පැවසුවා.

“මගේ ළමයා වැඩ කරපු ගෙදර මගේ දුවට ගොඩක් අපරාධ කරලා තියෙනවා. මොකද ඒ අය මගේ දුවට කෑම දීලා නැහැ. මගේ දුව බල්බ් නැතුව කළුවර කාමරයක ඉඳලා. මගේ ළමයා කළුවරේ ඉන්න බයයි, තනියෙන් ඉන්න බයයි. මම ගිහිල්ලා ඒ කාමරේ බැලුවා. අඩු ගානේ ඒ කාමරයේ බල්ලෙකුටවත් ඉන්න බැහැ. ඒ වගේ කාමරයක් දීලා තිබුණේ. ඒත් කුස්සියෙන් එළියේ පැත්තේ. ඇමතිතුමාගේ ගෙදර කියනකොට අපි හිතුවේ හොඳ ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒක නැහැ දැන්. අපි හිතපු එකත් බොරු වෙලා ගියා. මගේ දරුවත් මේ ලෝකේ නැහැ. ඒ ගොල්ලන්ට හරි දඬුවමක් ලබා දෙන්න ඕනේ කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලනවා. මෙතන මම පැමිනිල්ලක් කරන්න ආවේ. මගේ දරුවාගේ මරණ රිපෝට් එකේ මට සැකයක් තියෙනවා. ඒක කරලා තියෙන්නේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක්. ඒක අපහු කරලා එතන මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට ඉදිරිපත් කරන්න.”

  1. මුස්ලිම් දොස්තර කෙනෙක් මරන වාර්තාව දුන්න නම් එකෙ ලොකු සැකයක් තියෙනවා; එදා ඉන්දම් මුස්ලිම් අය කරෙ උන්ගෙ අයව බේර ගන්න කටයුතු කර එක පමනයි , එනිසා මෙම දැරිය වෙනුවෙන් සදාරනයක් කරන්න, අහින්සක කම දුප්පත් කම උන්ගෙ වාසියට යටත් කරන්න එපා, බලදාරින් මේ ඉල්ලිම ගෙන ඉක්මනින් කටයුතු කල යුතුයි

  2. මෙම කාන්තාව කල යුතුව තිබුණ් තමා හා සැමියා ගත් ණය පියවීමට දරුවන් ලවා උකසට තැබීම නොවේ. තමා හරිහම්බ කරන මුදල් බීමත්කමට යොදවා සිදුවු දෙයින් වාසි ගන්නට උත්සාහ කිරීමක්.
    මියගිය දරුවාගේ දෙමව්පියන්ට සිහින මාළිගා පෙන්වා දේශපාලන අවස්ථාවාදී මෙහෙයුමක් තමයි දැන් සිදුවෙමින් පවතින්නේ. මානව හිමිකම් සදහා දරුවා වෙනුවෙන් ස්වයංව කරළියට පැමිණීමට තරම් මුහුකුරා ගිය මේ දෙමාපියන්ට කළයුතුව තිබුණ් මව හෝ පියා මෙහෙකාරකමට ගොස් දරුවන් නිවසේ රදවාගැනීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15