පාණ්ඩ්‍යාගේ තෑග්ග ගැන චාමිකගෙන් විශේෂ සටහනක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ පළමු පන්දුවාර 20 තරඟය පෙර පැවති පුහුණුවීම් අතර වාරයේදී ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා  ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී එක තුන් ඉරියව ක්‍රීඩක චාමික කරුණාරත්නට ක්‍රිකට් පිත්ති තෑගි කරනවා.

ඔහු ඊයේ තරගයේදී පන්දුවට පහර දුන්නේ එම පිත්ත උපයෝගී කරගනිමින්.

මේ අවස්ථාව පිළිබඳව චාමික කරුණාරත්න සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙලෙස සටහනක් යොදා තිබුණා.

“ක්‍රිකට් ක්‍රීඩාවේ මම ආදර්ශයට ගන්නා පුද්ගලයා වන හර්දික් පාණ්ඩ්‍යා ගෙන් පිත්තක් ලැබීම මට බෙහෙවින්ම සතුටට කරුණක්. විශේෂයෙන්ම මාගේ මංගල පන්දුවාර විස්ස තරඟයේදී ලැබුණු මෙම අගය කිරීම මට කොහොමත් විශේෂයි, මේ දිනය මට කිසි දිනක අමතක නොවනවා සේම ඔබවත්, ඔබගේ මානුෂීය ගුණාංගත් කිසි දිනක අමතක නොවනු ඇති.”

හර්දික් පාණ්ඩ්‍යා ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වන අතර මද වේග පන්දු යවන ඔහු වැරෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම සොයා ගැනීම වන චාමික කරුණාරත්න ද ඉන්දීය කණ්ඩායම සමඟ තරඟ කිහිපයේදී අනාගතයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බවට පෙර මඟ ලකුණු සනිටුහන් කරන්නට සමත් වී තිබෙනවා.

https://youtu.be/qbu-kB3Tpg0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55