හදිසි රෝගී තත්ත්වයක් නිසා බව කියමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ට එවැනි රෝගී තත්ත්වයක් නොමැති බවට වෛiවරුන් තහවුරු කිරීමෙන් පසු පෙරේදා (24 දා) නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන ලදී.
බදුර්දීන්ගේ රෝගී තත්ත්වයන්ට ලබාදුන් පෙති වර්ග සියල්ල ඔහු කොළඹ ජාතික රෝහලේ වැසිකිළි කවුළුවෙන් පිටතට විසිකර දැමීම අධීක්‍ෂණය කිරීමෙන් පසු ඔහුට රෝගී තත්ත්වයක් නොමැති නිසා නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැුගෙන යෑමට කටයුතු කර තිබිණි.
සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරිය අබිරහස් අන්දමින් පිලිස්සී මිය යෑමේ සිද්ධිය හෙළිදරව් වූ දිනට පසු දිනම හදිසි රෝගී තත්ත්වයක් බව කියමින් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූවේය.
ඒ වන විට පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රිෂාඞ් බදුර්දීන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටියේය.
රෝහල් ගත කළ රිෂාඞ් බදුර්දීන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි රැුකවරණ යොදවා තිබිණි.
රිෂාඞ් බදුර්දීන් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී නිතර නිතර වැසිකිළියට ගොස් ඇති අතර ඔහු ඒ හැම අවස්ථාවකදීම අතේ කිසියම් දෙයක් සඟවාගෙන යන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නිරීක්‍ෂණය කර තිබේ.
ඒ අනුව රිෂාඞ් බදුර්දීන් වැසිකිළියට ගිය අවස්ථාවේ එහි කවුළුවෙන් කොළ කැබැල්ලක එතූ කිසියම් දෙයක් ඉවතට විසිකරනු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැක ඇත.
එසේ විසිකළ කොළ කැබැල්ලේ එතූ දෙය පරීක්‍ෂා කිරීමේදී දැක ඇත්තේ එහි බෙහෙත් පෙති කීපයක් තිබෙන බවයි.
මෙම බෙහෙත් පෙති කීපය බදුර්දීන් නැවතී සිටි වාට්ටුවේ වෛiවරුන්ට ලබාදීමෙන් පසු එම වෛiවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ මේවා හිටපු ඇමැතිවරයාට ලබාදුන් ඖෂධ බවයි.
මෙම සිද්ධියෙන් අනතුරුව කිසියම් රෝගී තත්ත්වයක් නොමැති බව තහවුරු වීමෙන් පසු හිටපු ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැුගෙන යාමට කටයුතු කර තිබිණි.
මීට ඉහතදී ද රිෂාඞ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිය අවස්ථාවේ හිටපු ඇමැතිවරයා ඔහු පාවිච්චි කළ රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා ඇපැල් වර්ගයේ ජංගම දුරකථනය ඔහුගේ නිවසේ තුන්වැනි මහලෙන් ඉවතට විසිකර තිබිණි.
එම දුරකථනය පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලදී.
හේමන්ත රන්දුණු














මූ රිෂාඩ් හැසිරෙන්නෙ රටෙ නීතිය ඌගෙ අතේ කියල සිතන් , අපිටත් එහෙම සිතන්න කරුනු තියෙනවා; පොලීසිය මුන්ගෙ කටයුතු කරනා ආකාරය දෙක්කම , පොලීසිය මුන්ගෙ උන්ට සලකන්නෙ අපරාද කරායන් සෙටියට නොව , ප්‍රබූ වරුන් වාගෙ ; නීතිය කාටත් පොදු වෙන්න ඔනෙ ; දුප්පත් අහින්ස්ක මිනිසුන් කුදලා පොලීසියට ගෙන ගොන් ගහලා මරන පොලීසිය , මුන් ගාව දනින් වෙටෙනවා, මුන්ට ඉහලම ආරක්ෂාව සහ සැප පහසු සපයනවා, අපෙ පොලීසිය ගැන අපිටම දුකයි
There seems to be no end to the deviance of this gross evil character. Hope he gets his comeuppance asap