ගුරුවරුන් කාලකණ්නි කියන්නේ මූසලයන්

යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් බත්තරමුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් හිටපු පැවැත්වූ අතර ඒ සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරල මහත්මිය, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මිය සහ දේශීය වෛද්‍ය සමිතා එදිරිවීර යන අය සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේ පැවසීය…

අපි රටේ ජීවනාලිය සේ සලකන දුවාදරුවන්ට අකුරු උගන්වන දෙවිවරුවන් ගුරුවරු අද මහ පාරේ උද්ඝෝෂණ උපවාස කරනවා අපි දැක්කා. ගුරු සහ විදුහල්පති වැඩ වර්ජන වලට වැටුප් විෂමතා සහ නිදහස් අධ්‍යාපන අයිතිය රැකදීමට අවශ්‍ය සාධාරණ හේතු කිහිපයම පවතිනබව ඒ පිළිබඳ සොයා බැලුව අපිට වැටහුණා. එහෙම තත්වයක් තුල ඒ ප්‍රශ්න විසඳන්න රජයේ හෝ බලධාරීන්ගේ අවධානය නොවීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම රටේ වැදගත් ඇමතිවරු යැයි කියාගන්නා ඇතමුන් දෙවිවරුවන් ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් ඇමතීම අපි කිසිවිටෙකත් අනුමත කරන්නේ නෑ .

ගුරුවරයෙක්ගෙන් අකුරක් හරි ඉගෙන ගත්ත පුද්ගලයෙක් එහෙම කතා කරන්නේ නෑ කියන එකයි අපේ විශ්වාසය. අපි පාසල් යන කොට ගුත්තිල ඇදුරුතුමා ගෙන් අකුරු ඉගෙන ගෙන අකෘතඥව කටයුතු කරපු මූසිලයා ගැන ඉගෙනගෙන තියෙනවා. අද ගුරුවරුන්ට කාලකන්නි කියන අයට අර මූසිලයා කියන නාමයේ ඉස්පිලි පාපිලි වෙනස් කරලා සමාජය විසින් ආමන්ත්‍රණය කරන දිනය වැඩි ඈතක නැති බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි .අපිට ලැබුණු තොරතුරු වලට අනුව අද වෙද්දි ගුරු විදුහල්පති සංගම් තිහක් පමණ වෘත්තිය ක්‍රියාමාර්ග වලට පිවිසිලා තියෙනවා. ඒත් ආණ්ඩුව ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක් .

අද දින මා විසින් මතුකරන දෙවැනි කාරණාව වන්නේ දිනෙන් දින වැඩිවන ළමා අපචාර සහ ළමයින්ට එරෙහිව සිද්ධ වන වැරදි වාර්තාකරණයේදී සිදුවන අඩුපාඩුකම් පෙන්වාදීමයි.

පසුගිය දිනයෙක අපිට අහන්න ලැබුනා හිටපු ඇමතිවරයෙකු ඒ වගේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දේශපාලඥයකුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දමිල දැරියක් බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කලාට පස්සේ මියගොස් තියෙනවා කියලා. දැන් සති දෙක තුනක ඉඳලා මෙවැනි තවත් දැරියන් කිහිප දෙනෙකුම විවිධ හිංසන අපචාර වලට ලක්වීම සම්බන්ධයෙන් කරුණු රැසක් මාධ්‍යවල දිගින් දිගටම වාර්තා වුණා. ඒත් මේ දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා වාර්තාකරණයේ සහ සමාජ මාධ්‍ය අවධානය දිගැනීමේ අඩුවක් තිබෙනබව අපි දැක්කා. සමහරවිට මේ දැරිය අන්ත අසරණ වතුදෙමළ තරුණියක්වීම ඒකට හේතුව වෙන්න ඇති.

මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන් දරුවා වතුකරය ඉපදිලා හරිහැටි අධ්‍යාපනයක්වත් නොලබා තැරැව්කරුවෙකු හරහා මෙහෙකාර සේවයට කොළඹට පැමිණි ළාබාල දැරියක්. අපි නිතරම කියනවා අපේ රට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටක් කියලා . ඒත් මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා තාම අපේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය 100% ක්‍රියාත්මක නොවන තත්ත්වයකුත් තියෙනවා කියලා. විශේෂයෙන්ම වතුකරයේ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන්ගෙන් 20%කට පමණ පාසල් අධ්‍යාපනය අහිමි වෙලා තියෙනවා. වතුකරයේ දුක් විඳින මිනිසුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා සැප විඳින මහජන නියෝජිතයො කිසිවෙක් ඒ ප්‍රශ්නය ගැන කතා කරනවා අපි දැකලා නෑ. ඔවුන් මේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය ගැන කිසිම දෙයක් කරලත් නෑ . හැබැයි මේ වගේ සිද්ධියක් උනහම බෝඩ් කෑල්ලක් උස්සගෙන මහ පාරට බහින්න ඒ මහජන නියෝජිතයෝ ඉදිරියට එන්නේ ඇයි? කියන එක මේ සමාජය විසින් අනිවාර්යෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි .

ඒ වගේම මේ මියගිය දැරියගේ මව ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කරලා තිබුණා තමන්ගේ දුවව මෙහෙකාර සේවයට යැව්වේ ණය ගෙවන්න බැරි නිසයි කියලා. ඒ වගේම තවත් දරුවෝ කිහිප දෙනෙක් සිටින නිසා ඔවුන්ව රැකබලා ගන්න සහ කන්න බොන්න දෙන්න විදිහක් නැති නිසා වැඩිමහල් දියණිය මෙහෙකාරකමට එවූ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරමින් පිළිඅරන් තිබුනා. ඒ අම්මට චෝදනා කරලා වැඩක් නෑ. මේක තමයි වතුකරයේ බොහොමයක් අම්මලාගේ දුවලාගේ දරුවන්ගේ කඳුලු කතාව. කොහොම වුණත් දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම වැළැක්වීම සඳහා අපි ඉදිරියේදී පුළුල් වැඩපිළිවෙලක් සකසන්න බලාපොරොත්තු වෙන බවත් මෙහිදී සිහිපත් කරනවා .

මීට අමතරව දරුවන්ට සිදුවන අපයෝජන හා හිංසන වාර්තාකරණයේදී දැනටත් වඩා වගකීමෙන් කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම අපේ මාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලා සිටීමටත් මම මෙහිදී බලාපොරොත්තු වෙනවා. දරුවෙක් අපචාරයකට ලක් උනහම සහ ඊට පස්සේ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ උනහම ඒ දරුවත් පවුලේ සියලු දෙනාත් පත්වන අපහසුතාවය හා ඔවුන්ගේ මානසික මට්ටම ගැන නීතිඥවරියක් ලෙස මට හොඳ අවබෝධයක් තියනවා. අද සමහර මාධ්‍ය මෙවැනි සිද්ධීන් වාර්තා කිරීමේදී දරුවාට යහපතක් කිරීමට වඩා අපි තමයි හොඳටම වාර්තා කළේ, අපි තමයි මුලින්ම වාර්තා කළේ කියලා කියාගන්න ඕනෑවට ඇතැම් වෙලාවට සමාජ වගකීමත් අමතක කරලා කටයුතු කරන බවක් අපිට දැකගන්නට ලැබිලා තියෙනවා.

විශේෂයෙන් අධිකරණයක පවතින නඩුවක් ගැන කතා කරනකොට මාධ්‍ය තමන් ප්‍රචාරය කරන සමහර දේවල් ගැන දැනට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි. සමහර වෙලාවට මාධ්‍ය විසින් සිදුකරන වගකීම් විරහිත ප්‍රකාශ නිසා අධිකරණය අපහාසයට ලක්වන ලක් වන අවස්ථාත් අපිට දැකගන්නට ලැබුණා. විනිශ්වාසනය හමුවට ඉදිරිපත් වන සාක්ෂි තොරතුරු සහ තර්ක පදනම් කරගෙන ලබාදුන් නඩුතීන්දු බාල්දු කරමින් සමහර සමාජ මාධ්‍ය අවරගණයේ ප්‍රචාරයන් සිදුකිරීමෙන් අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය පලුදු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි වගකීම් විරහිත කටයුතු මින් ඉදිරියට සිදු නොකරන ලෙසත් විශේෂයෙන්ම ළමා අපචාර ,හිංසනයන් සහ ළමුන්ට එරෙහි වැරදි වාර්තාකරණයේදී ඉතා ප්‍රවේශමෙන් සහ වගකීමෙන් එම කාර්යය ඉටු කරන්න කියලා සියලු විද්‍යුත් මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා .

නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මියට අමතරව මෙම අවස්ථාව සඳහා සම්බන්ධවූ හිටපු පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරාල සහ දේශිය වෛද්‍ය සමිතා එදිරිවීර මහත්මියද මෙහිදී අදහස් දැක්වීය.

– media unit

  1. එදා සිටි ගුරුවරුන් අද නොමැත , අද ගුරුවරුන් කොටසක් ගුරුවරුන් මෙන් නොව ,මී හරක් සක්කිලි මූසලයන් ලෙස තම පටු බන්කොලොත් දේෂපාලන අරමුනු කර ගන්නට සිසුන් බිල්ලට දාල කටයුතු කරන්නෙ, අන්න උන් තමා මූසලයන් කියන්නෙ , අතලොස්සක් ඉන්නවා ගෞරවනීය ගුරු වරුන් අපි ඔවුන්ට දෙවියන් සේ සලකනවා ගරු කරනවා, එහෙත් මෙවෙනි පක්කිලි ජඩ පාහර උන් ගුරු වරුන්ගෙ ගෞරවය නැතිකර බල්ලන් ලෙස හෙසිරෙනවා

  2. Agree with Marci. Have been to 3 different schools the last one a prestigious school. But I can count the number of really good teachers on the fingers of one hand. In fact I would say only three good teachers one from each school athough there were so many of them allocated for different subjects over the years. I had to learn on my own mostly as there were no tuition classes those days ! Their current vulgar behaviour in the midst of a deadly pandemic says it all



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39