එළඹෙන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදී අවසන් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව රට විවෘත කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.
බුලත්සිංහල ප්‍රදේශයේ නව සතොස ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.
“සැප්තැම්බර් මාසය වනවිට මේ රටේ අවුරුදු 30ට වැඩි සියලුම ජනතාව එන්නත්කරණය අවසන් කරපු රට බවට අපි පත්වෙනවා. එන්නත්කරණයෙන් පස්සේ මේ රට විවෘත වෙනවා. හෙට එච්චර කළුවර නෑ. ලබන සතියේදී පාසල් විවෘත කරන්න නියමිත නිසා නිෂ්පාදකයින් සමග සාකච්ඡා කර මුඛ ආවරණයේ මිල තවදුරටත් අඩු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් රුපියල් 14කට තමයි මුඛ ආවරණයක් විකිණෙන්නේ.”














ටොම් පචයා. මෙයා කියපු දේවල් 90% ක් බොරු. 2500/= පවුලකට කෑම.
We are waiting for open the country because we neet to come to sri Lanka