ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (26) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ එමගින් ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලැබෙනු ඇති බවය.
කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.
“වැටුප් හා සංඛ්‍යාලේඛණ කොමිසමෙන් එකඟතාවය ඇතුව ඉදිරිපත් කරලා තියෙන විසඳුම හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරාට පස්සේ මොන වගේ ප්‍රතිඵලයක් ද ලැබෙන්නේ කියන එක අඟහරුවාදා දිනයේදී උද්ඝෝෂණය කරපු අයත් එක්ක සාකච්ඡා කරයි.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5