නිදන කතුන් සොයා නිවෙස්වලට රිංගූ තරුණයා කළ අමුතු වැඩේ මාට්ටු

නිවෙස්වලට හොර රහසේ ඇතුළු වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 22 හැවිරිදි තරුණයෙකු බව යි වාර්තා වන්නේ.

කාන්තාවන් නිදාසිටින ආකාරය නැරඹීම සඳහා ඔහු මෙලෙස නිවෙස්වලට ඇතුළු වී ඇති බව සඳහන්.

මෙම තරුණයා සවස් කාලයේ දී හොර රහසේ නිවෙස්වලට ඇතුළුවන බවත්, ඉන්පසු නිවස තුළ සැඟවී සිට නිවැසියන් නින්දට යාමෙන් අනතුරුව සැඟව සිටි ස්ථානයෙන් පැමිණ නිවසේ කාන්තාවන් නිදා සිටින ස්ථානවලට ගොස් බලා සිට ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පසුව හොර රහසේම ඔහු එම නිවෙස්වලින් පිට වී ඇති බව සඳහන්.

මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ එම ප්‍රදේශයේ නිවෙස්වල CCTV  කැමරා දර්ශනවලින්.

අනතුරුව තඹුත්තේගම පොලිසියට ලද තොරතුරක් අනුව මේ පිළිබඳව විමර්ශනයක් සිදු කර ඇති අතර නිවෙස්වල CCTV දර්ශන පරීක්ෂා කර බලා අදාළ පුද්ගලයා හඳුණාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

පසුව හෙළි වී ඇත්තේ මෙම තරුණයා මීට පෙර ද මේ ආකාරයෙන්ම නිවෙස්වලට ඇතුළු වී නිදා සිටින කාන්තාවන් නැරඹීමේ දී හසු වී අත්අඩංගුවට පත් වූ අයෙකු බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?