Empty Ad
AFC Banner
Empty Ad

උස්බෙකිස්ථානයේ සුන්දර තරුණියන්ගේ පහස ගන්න, ව්‍යාපාරිකයින්, මැති ඇමතිවරු සහ ක්‍රීඩකයින් රෑට රෑට බඩගාපු තිත්පොළ

කරුණා අම්මාන් දැනට වසර කිහිපයකට ඉහතදී විදෙස්ගත විය. ඒ උස්බෙකිස්තානය බලා රැකියාවක් කිරීම සඳහාය. එලෙස වසර කිහිපයක් ඔහු එම රටෙහි සේවය කළේය. විනෝදයට බර පුද්ගලයකු වූ ඔහු ගත කළේ සල්ලාල ජීවිතයකි. රාත්‍රී සමාජ ශාලාවල ගත කිරීම, මිතුරු මිතුරියන් සමඟ විනෝද වීම ඔහුගේ ජීවිතයේ එක් විනෝදාංශයක් විය.

දිනක් ඔහුට තරුණියක මුණ ගැසුණේය. ඇය නමින් ඔලිවා ජෙස්මින්ය. ඇය උස්බෙකිස්තාන් ජාතික තරුණියකි. වයස අවුරුදු 26 කි. ඇය ද විනෝදයට බර තරුණියකි. තම රටේම පෞද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස ඇය සේවය කළාය. කරුණා අම්මාන්ට ඔලිවා මුණගැසෙන්නේ ඇය සේවය කළ එම පෞද්ගලික ආයතනයේ පැවති සාදයක් අතරතුරයි. එම දැන හැඳින ගැනීම දින කිහිපයක් ගතවූ පසු දැඩි මිත්‍රත්වයක් බවට පත්විය. එම මිත්‍රත්වයේ අවසන් ප්‍රතිඵලය වූයේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමයි.

 මාස කිහිපයක් දෙදෙනා එලෙස පෙම්වතුන් ලෙස ඇසුරු කළහ. ඒ අතර කාලය තුළ ඔලිවා තම සම්බන්ධය ගැන දෙමාපියන්ට ද පැවසුවාය. දෙමව්පියන් එම ආදර සම්බන්ධතාවයට කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් ඇයට පැවසුවේ එම සම්බන්ධතාවය නවතා දමන ලෙසයි. එහෙත් ඇය දෙමවුපියන්ගේ කීම ඇසුවේ නැත. ඇයට වුවමනා වූයේ කරුණා අම්මාන් සමඟ විවාහ වීමටයි.

 ඒ අනුව දිනක් දෙදෙනා මුණ ගැසී තම අනාගතය ගැන මෙලෙස කතාබස් කළහ.

 ”කරුණා අම්මලා කවදාවත් අපේ සම්බන්ධයට කැමති වෙන එකක් නැහැ.”

 ”කවදාවත්ම.”

 ”ඔව්. ඒගොල්ලො තීරණයක් ගත්තොත් ගත්තම තමයි.”

 ”තව එක පාරක් කියලා බලන්න.”

 ”දන්න හැම විදියකටම මම කිව්වා. එහෙත් හරියන්නේ නැහැ.”

 ”මොකද දැන් අපි කරන්නේ.”

 ”මට ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ. මම ඔයාට ගොඩක් ආදරෙයි.”

 ”ඒක මම දන්නවා ඔලිවා. මමත් ඔයාට ගොඩක් ආදරෙයි. මටත් ඔයාව ඕනා.”

 ”ඉතින් මොකද කරන්නේ.”

 ”අපි කසාද බඳිමු. ඔයා කැමතිද?.”

 ”මම කැමතියි. ඒක ඔයා දන්නවනේ හොඳටම. හැබැයි පොඩි ප්‍රශ්නයක්.”

 ”කසාද බැඳලා මෙහෙ ජීවත් වෙන්න බැරි වෙයි අපිට.”

 ”ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා කැමති නම් අපි යමු අපේ රටට. එහෙ ගිහින් ජීවත් වෙමු.”

 ”ඇත්තමද කියන්නේ.”

 ”ඔව් මම ඇත්ත කියන්නේ.”

 ”අපිට එහිදී ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?”

 ”නැහැ කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.”

 ”එහෙනම් මං මේ සේරම අතෑරලා ඔයත් එක්ක එනවා යන්න. මට මේ හැම දේටම වඩා ඔයාව වටින්නේ.”

ඉන් මාස කිහිපයකට පමණ පසුව කරුණා අම්මාන් ඔලිවා සමග මෙරටට පැමිණියහ. එලෙස පැමිණි ඔවුන් දෙදෙනා විවාහ වූහ. එලෙස විවාහ වී දෙදෙනා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වූහ.

විවාහයෙන් පසු දෙදෙනාම රැකියාවක් කළේ නැත. දෙදෙනා එකතු කර තිබූ මුදල්වලින් ජීවත් වූහ. කලක් ගත වෙද්දී ක්‍රම ක්‍රමයෙන් එම මුදල් අවසන් වන්නට පටන් ගත්තේය. එම නිසා ඉදිරියේදී ඔවුන්ට මුදල් නොමැති ගැටලූවට මුහුණ දීමට සිදුවන බව දැන ගත්තේය. එම නිසා කුමක් හෝ සිදු කළ යුතු යැයි දෙදෙනා කල්පනා කළහ.

 හිත මිතුරන් අතර ද ඔවුන් හැසිරුණේ කෝටිපති ව්‍යාපාරිකයන් ලෙසයි. ඒ අනුව දෙදෙනා දිනක් මෙලෙස කතාබස් කළහ.

 ”දැන් අපේ අතේ තියෙන මුදල් සියල්ලම වාගේ ඉවරයි. තව ටික දවසකින් අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.”

 ”ඒකනම් ඇත්ත ඔලිවා. සමාජය ඉදිරියේ අපි හැසිරෙන්නේ කෝටිපති ව්‍යාපාරිකයන් හැටියටනෙ. සල්ලි නැති උනොත් අපිට මැරෙන්න තමයි වෙන්නේ.”

 ”අපි බිස්නස් එකක් කරමුද?”

 ”මෙහෙ එහෙම බිස්නස් කරන්න බැහැ. එහෙම කරනවා නම් ලොකු සල්ලියක් අතේ තියෙන්න ඕනා. දැන් එහෙම සල්ලි අපි ළඟ නැහැනේ.”

 ”ඉතින් අපි ජොබ් එකක් කරමු.”

 ”ජොබ් කරල කවදාවත් අපිට අපේ ලයිෆ් එක එන්ජෝයි කරන්න වෙන්නේ නැහැ.”

 ”එහෙනම් මොකද කරන්නේ.”

 ”මට පොඩි අයිඩියා එකක් ආවා. ඒක තමයි දැන් කරන්න වෙන්නේ.”

 ”ඒ මොකක්ද?”

 ”ඔයා මේක අහලා වැරදියට හිතන්න එපා.”

 ”අනේ නැහැ කවදාවත් නැහැ. ඔයා කියන්න ඕන දෙයක්.”

 ”අපි ඕගොල්ලන්ගේ රටේ තරුණියන් මෙහෙට ගෙන්න ගමු රැකියා දෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ව ඞීල් කරමු හොඳ සල්ලිකාරයින්ට.”

 ”අනේ මන්දා මට නම් බයත් එක්ක.”

”බයවෙන්න එපා. මම සේරම බලා ගන්නම්. අපි මේක දිගටම කරන්නේ නැහැ. සල්ලි ටිකක් හොයා ගත්තට පස්සෙ වෙන බිස්නස් එකක් කරමු.” ”ඔයාගේ කැමැත්තක්.”

 ”එහෙනම් ඔයා මෙහෙම කරන්න. දැනට ඕගොල්ලන්ගේ රටේ ලස්සන තරුණියක් මෙහෙට ගෙන්න ගන්න ජොබ් එකක් දෙනවා කියලා. ඉතුරු ටික මං බලා ගන්නම්.”

 කරුණා අම්මන්ගේ කීමට අනුව ඔලිවා තම රටේ තරුණියක් මෙරටට ගෙන්වා ගත්තේය. ඒ වැඩි වැටුපකට හොඳ රැකියාවක් ලබා දෙන බව පවසමින්ය. එලෙස පැමිණි තරුණියට දින කිහිපයක් ඔවුන් නවාතැන් ලබා දුන්නේය.

 ඒ කාලය අතරතුර කරුණා අම්මාන් තමා දන්නා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පවසා තිබුණේ උස්බෙකිස්ථානයේ ලස්සන තරුණියක් මෙරටට පැමිණ ඇති බවත් මුදල්වලට ඇය සමඟ ලිංගිකව එකතු විය හැකි බවත්ය.

 සල්ලාලකමට පුරුදු වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් කරුණා අම්මාන්ගේ යෝජනාවට කැමැති වුහ. ලක්ෂ ගණන් මුදල් ගෙවා ඇය සමග යහන්ගතවීමට ඔවුන් කැමති විය. ඔලිවා තම රටේ සිට පැමිණි තරුණියට පැවසුවේ දැනට මෙහෙ රැකියාවක් නොමැති බවත් රැකියාවක් සොයා දෙන තුරු මිනිසුන් සමග මුදල්වලට යහන්ගත වන ලෙසත්ය. ඇය එම යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කළාය. එහෙත් ඔලිවා ගෙන් ඇයට ගැලවීමක් තිබුණේ නැත. අවසානයේ ඇය තර්ජනාත්මක ස්වරයෙන් පැවසුවේ එම යෝජනාවට කැමැති වන ලෙසයි.

 කිසිම දෙයක් නොදන්නා රටක සිටි එම තරුණිය අවසානයේ ඔලිවාගේ යෝජනාවට අකැමැත්තෙන් වුවද කැමැති වූවාය. එතැන් සිට ඔලිවා සහ කරුණා අම්මාන් එම තරුණියව මෙරට ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූ පිරිස්වලට මුදලට විකුණූහ. ඒ ඉතා ඉහළ මුදලකටයි.

 එම යුවතියගේ සුන්දරත්වය නිසාම ගැනුම්කරුවන් වැඩිවන්නට පටන් ගත්තේය. ඒ අනුව ඔලිවා තවත් තරුණියන් කිහිපදෙනෙකු තම රටින් මෙරටට ගෙන්වා ගත්තාය. ඒ රැකියා ලබාදෙන බව පවසමින්ය. අවසානයේ එලෙස පැමිණි තරුණියන් සියලූ දෙනාම බලහත්කාරයෙන් ඇය ගණිකා වෘත්තියට යොදවා ගත්තාය.

 උස්බෙකිස්තානයෙන් පැමිණි එම තරුණියන්ව ලිංගික කටයුතු සඳහා විකුණා එම යුවළ මාස්පතා විශාල මුදලක් සොයා ගත්හ. ඔවුන් එම තරුණියන් විකුණුවේ මෙරට ව්‍යාපාරිකයන් සහ ප්‍රභූ පැළැන්තියේ පුද්ගලයන්ට පමණි. එම නිසා ඔවුන්ගේ මෙම ජාවාරම ගැන මධ්‍යම පංතිකයන් කිසිවකු දැන සිටියේ නැත.

 කිසිදු බාධාවකින් තොරව මෙම යුවල මුදලට විදේශීය තරුණියන් විකිණීමේ ජාවාරම ජයටම කරගෙන ගියහ. කලක් යද්දී ඉහළ පොලිස් නිලධාරියකුට මෙම ජාවාරම පිළිබඳ දැනගන්නට ලැබුණි. ඒ අනුව පරීක්ෂණ සිදු කළ එම පොලිස් නිලධාරියා ඔලිවා අත්අඩංගුවට ගත්තේය. ඒ රැකියා ලබාදෙන බව පවසා උස්බෙකිස්ථානයෙන් තරුණියන් මෙරටට ගෙන්වා ලිංගික කටයුතු සඳහා මුදලට විකිණීමේ ජාවාරමේ නිරත වීමේ චෝදනාව මතයි.

 අවසානයේ එම චෝදනාවට වැරදිකරු වූ ඇයට සිදුවූයේ බන්ධනාගාර ගත වීමටයි. ඇය බන්ධනාගාර ගත වූ පසු අත්අඩංගුවට ගත් එම තරුණියන් කිහිප දෙනා මෙරටින් පිටුවහල් කළහ.

 මාස කීපයක් එලෙස ගත විය. කරුණා අම්මාන්ට ගනුදෙනුකරුවන්ගෙන් නිදහසක් නොමැති විය. ප්‍රභූ පැළැන්තියේ එම සල්ලාලයින් නිතරම පාසා ඔහුගෙන් උස්බෙකිස්තාන තරුණියන් ඉල්ලා සිටියේය.

 අවසානයේ කරුණා අම්මාන් එම ජාවාරම නැවත පටන් ගැනීමට තීරණය කළේය. ඒ අනුව ඔහු උස්බෙකිස්තානයෙන් සුන්දර තරුණියන් ගෙන්වාගෙන යළිත් එම ජාවාරම දිගටම සිදු කරගෙන ගියේය.

 මෙවර ද මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, ප්‍රභූ පැළැන්තියේ පුද්ගලයින් සහ මැති ඇමැතිවරුන් ද එම තරුණියන් ලිංගික කටයුතු සඳහා මුදලට මිලදී ගත්තේය.

 මාස කිහිපයක් ගතවෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබුණි. ඒ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයෙන්ය. එම සංවිධානය පවසා සිටියේ වැල්ලවත්ත ප්‍රදේශයේ දෙමළ තරුණයකු ඇතුළු පිරිසක් උස්බෙකිස්ථානයෙන් සුරූපී තරුණියන් රැකියා ලබාදෙන බව පවසා මෙරටට ගෙන්වා ගෙන බලහත්කාරයෙන් රඳවා ගණිකා සේවයේ යොදවන බවයි. පැමිණිල්ලට අනුව පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විදේශීය තරුණියකගෙන් ලද තොරතුරු මත සැකකාර එම දෙමළ තරුණයාව වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කලක සිට ඔහු කරගෙන ගිය මෙම ගණිකා ව්‍යාපාරය පිළිබඳ සියලූ තොරතුරු අනාවරණය කළේය.

 වසර ගණනක සිට ඉතා සූක්ෂම අයුරින් කරගෙන ගිය මෙම ජාවාරම හරහා මෙම සැකකරු ලක්ෂ ගණනින් මුදල් උපයා තිබුණි.

 අත්අඩංගුවට ගත් සැකකරු පැවසුවේ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, ජනප්‍රිය ක්‍රීඩකයින්, ප්‍රභූවරුන් යයි සැලකෙන පුද්ගලයින්, ඔවුන්ගේ පුතුන් සහ සමහර මැති ඇමැතිවරුන් පවා මෙම උස්බෙකිස්ථානයේ සුන්දර යුවතියන් මුදලට මිලදී ගත් බවයි.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පැවසුවේ උස්බෙකිස්ථානයේ සුන්දර තරුණියන් මුදලට මිලදී ගත් අය පිළිබඳව ද වෙනම පරීක්ෂණයක් සිදු කරන බවයි. 

උපුටාගැනීමට ඉරිදා දිවයින පුවත්පතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34

?