Empty Ad
AFC Banner
Empty Ad

කඩුගන්නාව නගරාධිපතිගේ පාස්පෝට් මගඩිය මෙන්න

හිටි හැටියේ විවිධ ජනතා නියෝජිතයන් අළලා අපූරු කතා කතා මාලා සේ බිහිවෙයි. එය කාලයක් රටේ පොදු මාධ්‍ය තුළ විකාශනය වී කිසියම් බලවේගයක් මත නැතිවී යයි. මේ වන විට එවැනිම කතාමාලාවක් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ අළලා පැතිර යන්නේය. එය ප‍්‍රධාන චෝදනා තුනකින් සමන්විත වන වන අතරම ප‍්‍රබලතම චෝදනාව එල්ටීටීඊ සබඳතා සහිත පුද්ගලයන් නව දෙනකුගේ බිරින්දෑවරු නවදෙනකු ජපානයටත් ස්පාඤ්ඤයටත් කැටුව යෑමය. දෙවැනි චෝදනාව තමන්ගේ තනතුර නගරසභාපතිවරයා ය යන තනතුර ස`ගවා නගරාධිපති ලෙස කූට ලේඛන සකස් කරමින් විදේශ ගමන් බලපත‍්‍රයක් සකස් කිරීමය. තුන්වැන්න බිරින්දෑවරුන් සඳහා කූට ලේඛන සකස් කිරීමය. එතැන සිට නිවාඩු අනුමත කර ගැනීමකින් තොරව විදේශගත වීම ඇතුළු තවත් චෝදනා රැසක් සමග මේවන විට නගර සභාපතිවරයා විමර්ශන කමිටුවක් හමුවේ නිරුවත් වෙමින් සිටී.

ගින්නක් සේ පැතිර ගිය නගර සභාපතිවරයාගේ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුවන්නේ ඉබි ගමනිනි. ඔහුගේ නැතිවූ බව කියන විදේශ ගමන් බලපත‍්‍රයේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල අතර හුවමාරු වූ අතර, ඔහු ගේ බලපත‍්‍රය නැති වූ වගට පැමිණිලි දමා තිබුණේ ජූනි හත්වැනිදාය. නමුත් ඔහු විසින් ජූලි අටවැනිදා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් එක්දින සේවාව යටතේ නව විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කරගෙන තිබිණි. නමුත් විමර්ශන කණ්ඩායම පැවසූ පරිදි එම සිදුවීම් විමර්ශනයට බාධාවක් නොවේ. මේ වන විට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විමර්ශනය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් ඉල්ලා තිබිණි. අතුරු වාර්තාවක් ඉල්ලා සිටියේ මෙම විමර්ශනය කුමන අන්දමකින් ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න තීරණය කිරීමට බව ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කියා සිටියේය.

යටිනුවර ජනතා සේවය වෙනුවෙන් නිති කැපවීමේ පොරොන්දුව මත දේශපාලන ක්ෂේත‍්‍රයට පා තැබූ අමිල රංග වේරගොඩ මහතා දෙදහස් දහයේ සිට කඩුගන්නාව පුරවරය තමන්ගේ නිවසට සමාන කොට ගෙන කටයුතු කළ අයෙකි. ඔහු අවස්ථා දෙකකදී කඩුගන්නාව නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයකු ලෙස ජනතා සේවයේ යෙදී සිටියේය. නිදහස ලැබීමෙන් අනතුරුව රට පුරා නගර සහ අර්ධ නාගරික ප‍්‍රදේශ පාලන කිරීම සඳහ නගර සභා ස්ථාපිත කළ අතර මේ වන විට කඩුගන්නාව නගර සභාව ඇතුළුව නගර සභා හතළිස් එකක් ක‍්‍රියාත්මක වන්නේය. ඒ සියලූ නගර සභාවල ප‍්‍රධානියා ගේ නිලය වන්නේ නගර සභාවේ සභාපති ධුරයය. කඩුගන්නාව නගර සභාවේ සභාපති ධුරය වසර හැත්තෑවක් පුරාම හෙබවූයේ එක්සත් ජාතික පාක්ෂිකයන් විසිනි. මහත් පෙරළියක් සිදුවෙමින් යහපාලන සමයේ සිට කඩුගන්නාව නගර සභාවේ සභාපති ධුරය පොහොට්ටුව නියෝජනය කළ අමිල වේරගොඩට හිමිවූයේ කඩුගන්නාව නගර සභාවේ ඉතිහාසයට නව පිටුවක් ද එක් කරමිනි. මේ සඳහා පූර්ණ සහාය ලැබ තිබුණේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී සරත් චන්ද්‍රසිරි මහතාගෙනි. පොහොට්ටුවේ මන්ත‍්‍රීවරුන් හතකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත‍්‍රීවරයෙකුගෙන් ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත‍්‍රීවරයෙකුගෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු හයදෙනකුගෙන් සමන්විත කඩුගන්නාව නගර සභාව අමිල වේරගොඩ නායකත්වයෙන් පාලනය වෙමින් තිබිණි.

ඉකුත් කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් දියයට සැ`ගවූ රබර් බෝලයක් සේ උඩ මතුවෙන්නට පටන් ගෙන තිබුණේ, දැනට සති දෙකතුනකට ඉහත සිටය. ඒ අතන මෙතන සිදුවූ කතා බහ නිසාය. ඒ කතා බහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලෙස යොමු කිරීමට තරම් සාක්ෂි සොයා දෙන්නට නගර සභාවේ මන්ත‍්‍රීවරු ඉදිරිපත්ව තිබිණි. ඒ අනුව ඉකුත් ජූනි විසිවැනි දින සිට නගරසභා සභාපතිගේ ඇතැම් කතා අළු යට සැ`ගවූ ගිනිපුපුරු සේ ස`ගවා තබන්නට ඇතැම්හු කටයුතු කර තිබූහ.

එය ඇවිලී මහ ගින්නක් පැතිර ගියේ, ජූනි විසිපස්වැනිදාය.

”යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ විසින් කූට ලේඛන සහ ව්‍යාජ ලිපි සකස් කර අන්තවාදී පිරිස් විදේශගත කිරීම සහ බලය අයථා ලෙස භාවිත කිරීම සම්බන්ධවයි…” යන ශීර්ෂය යටතේ, කඩුගන්නාව නගර සභාවේ මන්ත‍්‍රීවරු සහ නාගරික ජනතාව විසින් ලිපියක් යොමු කිරීම හරහාය. ලිපිය ඍජුව යොමු කොට තිබුණේ, ජනාධිපති විමර්ශන අංශය වෙතය. පිටපත් ජනාධිපති ලේකම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ දිස්ත‍්‍රික් කමිටු සභාපති වසන්ත යාපා, පොලිස්පති, පළාත් පාලන අමාත්‍ය, පළාත් පාලන කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කඩුගන්නාව නගර සභාවේ ලේකම් (ප‍්‍රියන්ති දිසානායක) සහ සියලූම නාගරික මන්ත‍්‍රීවරුන් වෙත යොමු කොට තිබිණි.

ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් ඉකුත් ජූනි විසි නව වැනිදා මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා වෙත අදාළ ලිපිය යොමු කොට ඒ සම්බන්ධයෙන් පුළුල් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිට ඇත. විමර්ශන නිලධාරීන් තිදෙනකු පත්කොට අමිල වේරගොඩ වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ආරම්භ කළ මේනක හේරත් මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය සාක්ෂි ද එක්රැස් කරමින් සිටී.කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නගරාධිපතිවරයකු ලෙස පෙනී සිටිමින් තමන්ට හිමිකමක් නැති ප‍්‍රභූ ගමන් බලපත‍්‍රයක් ව්‍යාජ ලෙස සකස් කරගෙන කූට ලේඛන සකසා රටින් පැන සිටින එල්ටීටීඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් නවයක් ජපානයට, ස්පාඤ්ඤයට හා ඉන්දියාවට රැගෙන යෑමට කටයුතු කර ඇත්තේ දෙදහස් දහ නවයේ ජනවාරි මස අවසාන භාගයේදීය.

කඩුගන්නාව නගර සභා සභාපතිවරයා නියමිත රාජකාරි නිවාඩු අනුමත කර නොගෙන මේ විදේශ ගමන්වාර යොදාගෙන ඇත්තේ කඩුගන්නාව නගර සභාව මඟින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය විදුලි ව්‍යාපෘතියක් පිළිබඳ අධ්‍යයනයකට යන බව දන්වා සිටිමින් බවට පැමිණිල්ල සිදුකර ඇති ලිපියේ සඳහන් වේ.

ගමන් බලපත‍්‍රය සකස් කර ගැනීමට අවශ්‍ය ලිය කියවිලි සඳහා ව්‍යාජ අත්සන් යොදා ඇති බවත් ඒ සඳහා ග‍්‍රාම නිලධාරිවරයකුගේ සහාය ලබා ගෙන ඇති බවත් මේ වන විට දැනගන්නට ඇත. පළාත් ප‍්‍රධාන ලේකම්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස යොදා ඇති අතර ඒ ඔස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලූම් පත යොමු කොට ඇති බවටද වේරගොඩට චෝදනා එල්ල වී තිබේ. ව්‍යාජ ලෙස සකස් කළ OL7445158 දරන රාජ්‍යතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රය යොදාගෙන මේ තැනැත්තා වර්ෂ 2019 ජනවාරි සිට පෙබරවාරි මුල් භාගයේ ජපානයේ ගත කර ඇති බවත් මේ ගමනේදී නාගරික ලේකම්වරිය, භාෂා පරිවර්තක හා තාක්ෂණ නිලධාරි ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කාන්තාවන් ජපානයට රැගෙන ගොස් ඇති බවත් මේ එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් මෙම පුද්ගලයා ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති එම පැමිණිල්ලේ දැක්වේ.

එමෙන්ම 2020.02.18 දින සිට 2020.02.24 දින දක්වා කාලය තුළ මේ තැනැත්තා ස්වකීය ව්‍යාජ රාජ්‍යතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රය භාවිත කරමින් ස්පාඤ්ඤයේ සංචාරය කර ඇති බවත් එහිදීද නගර සභා ලේකම්වරිය ලෙසත් තාක්ෂණ නිලධාරි හා භාෂා පරිවර්තක ලෙසත් කාන්තාවන් තිදෙනකු (3) කූට ලිපි ලේඛන සකස් කර රැගෙන ගොස් ඇති බවත් එහි සඳහන්ය. ඔවුන් එක් අයකුගෙන් මේ ගමන සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් ලබාගෙන ඇති බවත් විදේශ ගමන අවසානයේ තවත් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය අදාළ ලිපිය හරහා පවසයි.

ඔහු මේ ආකාරයෙන් ජපානයට ගමන් වාර දෙකක් (2) ද ස්පාඤ්ඤයට ගමන් වාරයක් (1) හා ඉන්දියාවට ගමන් වාරයක් (1) ගොස් ඇති බව පැමිණිලිකරුවන් දක්වා ඇත. ඉන්දියාවට ගොස් ඇත්තේ ස්පාඤ්ඤය සඳහා වීසා ලබා ගැනීමටය. කඩුගන්නාව නගර සභාව නමින් ව්‍යාජ ලිපි ශීර්ෂයක් සකස් කර කඩුගන්නාව නගර සභාවේ දුරකථන අංකය ලෙස 081 570 5238 දරන දුරකථන අංකය යොදාගෙන මෙම කටයුතු සිදුකර ඇතැයි දැනගන්නට ඇත. අදාළ දුරකථන අංකය සිය නිවසේ අංකය බවට ද නගර සභා ලේකම්වරිය ලෙස පෙනී සිටිමින් ඊට එන ඇමතුම් ලබාගන්නේ මේ තැනැත්තාගේ බිරිය බවටද පැමිණිලිකරුවෝ ප‍්‍රකාශ කරති. ව්‍යාජ තොරතුරු ලබාදෙමින් මේ තැනැත්තා විසින් විදේශගත කළ කාන්තාවන් නවදෙනාම තවම ලංකාවට පැමිණ නැතැයි ද පැමිණිලිකරුවෝ පෙන්වා දෙති. මෙම කාන්තාවෝ පදිංචිව සිට ඇත්තේ වව්නියාව, අක්කරෙයිපත්තුව සහ ත‍්‍රිකුණාමලය යන ප‍්‍රදේශයන්හිය. නාගරික මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු මේ වනවිට නගර සභාවේ ලේකම්වරිය වන ප‍්‍රියන්ති දිසානායකගෙන් ‘තොරතුරු දැනගැනීමේ පනත’ ප‍්‍රකාරව මේ පිළිබඳව තොරතුරු ඉල්ලා ඇති නමුත් තවමත් අදාළ තොරතුරු ලබා දී නැත.

මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා නගර සභාවේ මන්ත‍්‍රීවරුන් හා පළාතේ ජනතාව ලෙස හඳුන්වා දෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් පාලන ඇමැතිවරයා, ජනාධිපති ලේකම්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු පිරිසකට පැමිණිල්ලක් යොමුකර ඇත්තේ ජනතා නියෝජිතයන් ලෙස පත්කොට යවන්නේ මෙවන් අකටයුතුකම් සිදුකරන්නටද යන ප‍්‍රශ්නය මුල්කර ගනිමිනි.

කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා විසින් කූට ලේඛන සකස් කර විදේශ ගමන් බලපත‍්‍රයක් සකස් කර තිබෙන බවටත් නගර සභාවේ බලතල අයුතු ලෙස පාවිච්චි කර පුද්ගලයන් පිරිසක් වරින්වර ජපානය ඇතුළු විදේශ රටවල් කිහිපයකට රැගෙන ගිය බවටත් පැමිණිල්ලක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධව විමර්ශනයක් පවත්වන ලෙස ආණ්ඩුකාරවරයා කළ නියෝගයකට අනුව තිදෙනකු (3) ගෙන් යුත් විශේෂ විමර්ශන කමිටුවක් පත් කොට අදාළ පරීක්ෂණ කටයුතු මේ වනවිටද සිදු කරමින් සිටින බවත් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා කියා සිටියේය.

මෙවන් පසුබිමක් තුළ ඉකුත් අටවැනිදින මීට සමගාමීව අපූරු සිදුවීමක් සිදුව තිබිණි. මෙපමණ චෝදනා එල්ලව ඇති කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ යන අය තම විදේශ ගමන් බලපත‍්‍රය අස්ථානගත වූ බව කියමින් පෙරේදා (08) කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එය හොරාට පෙර කෙසෙල් කැන වැටපැන්නා වැනි ක‍්‍රියාවකි. ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සභාපතිවරයා ලබාගත් බව කියන විදේශ ගමන් බලපත‍්‍රය අදාළ පරීක්ෂණ කණ්ඩායම විසින් ඉල්ලා තිබෙන අතර එය අස්ථානගතව තිබෙන බව ඔහු එම කණ්ඩායමට දැනුම් දී ඇත. ඉන් පසුව පසුව සභාපතිවරයා ඒ සම්බන්ධව කඩුගන්නාව පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධව කළ විමසීමකදී විදේශ ගමන් බලපත‍්‍රය අස්ථානගතව තිබෙන බව සභාපතිවරයා පැවසුවත් ඒ පිළිබඳ සියලූ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි බැවින් එය පරීක්ෂණ වලට බාධාවක් නොවන බව මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා නැවතත් කියා සිටියේය. මෙම කටයුත්ත සඳහා උඩුදුම්බර ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සම්බන්ධයක්ද තිබී ඇති බව කියා සිටින්නේ කඩුගන්නාව නගර සභාවේ මන්ත‍්‍රීවරුය. උප සභාපතිවරයාද පෙරේදා 9දා විමර්ශන කණ්ඩායම හමුවේ සාක්ෂි දී තිබිණි. එම අවස්ථාව වන විට අමිල වේරගොඩ මහතා සම්බන්ධ කරගැනීම දුෂ්කර කාර්යයක් වූයේ, ඔහු මෙතෙක් පදිංචිව සිටි පිළිමතලාව උද්‍යාන මාවතේ නිවසින් ඔහු බඩු බාහිරාදියද රැගෙන පිටත්ව ගොස් තිබූ නිසාය. ඔහුගේ නිවසේ බඩුමුට්ටු සියල්ල කඩුගන්නාව කඩවත්ගම නව නිවස වෙත රැගෙන ගොස් තිබිණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමිල වේරගොඩ මහතාගෙන් අපි විමසීමක් කළෙමු. ඔහු එවිට කියා සිටියේ, ”මෙය හුදෙක්ම මඩ ප‍්‍රචාරයක්. මම තරුණ මන්ත‍්‍රීවරයෙක්. මගේ ඉදිරි ගමනට බාධා කරන්න මේ වගේ කතා ගොතමින් පතුරවනවා. ප‍්‍රධානම දේ වන්නේ මේ පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ නිර්නාමික ලිපියක්. එහි වගකීම කිසිවකු අත්සනකින් පවරාගෙන නැහැ. මා මේ තරම් වැරදි කර ඇත්නම් කෙළින්ම ඉදිරිපත් වෙන්න. මෙය තවමත් විමර්ශනය වන දෙයක්. ඒ නිසා මම වරද බාර ගන්නේ නැහැ…” කියාය. ඔහු වරදක් නොකළා විය හැකිය. නමුත් හිටි හැටියේ උන්හිටි තැන් මාරු කරන්නටත් විදේශීය
ගමන් බලපත‍්‍රය අස්ථානගත වන්නටත් හේතු කිම.

* අමිලට එරෙහි චෝදනා – දිවයින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?