ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් ගැන තවදුරටත් විමර්ශන

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මංගලූර් පොලීසිය තමිල්නාඩු පොලීසිය සමග එක්ව පසුගිය මාසය තුළ මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මොවුන් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස කැනඩාවට සංක්‍රමණයවීම සඳහා සූදානම්ව සිට ඇති බව සඳහන්ය.

එක් පුද්ගලයෙකු ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දී මෙලෙස කැනඩාවට යෑමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

මංගලූර් නගර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියට භාර දී තිබේ.

මෙම පිරිස පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වී ඇති බවද සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27