මට සීඅයිඩිය දුන් පණිවිඩය විශ්වාසයි – අනුෂා දමයන්ති

අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ලබා දුන් පණිවිඩයක් පිළිබඳව තොරතුරක් සිනමා නිළියක වන අනුෂා දමයන්ති මහත්මිය මහජනයා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ තමාට එරෙහිව මුහුණු පොතෙහි අසත්‍ය මඩ ප්‍රචාර යවන පුද්ගලයින්ව ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවා දැඩි දඬුවම් ලබා දෙන බවට තමන්ට එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබා දුන් පණිවිඩයයි.

සී.අයි.ඩි ය දුන්න පණිවිඩය

අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වචනය පිළිබඳව තමන්ට ලොකු විශ්වාසයක් තිබෙන බව දමයන්ති මහත්මිය අවධාරණය කරන්නේ රටේ නීතිය පිළිබඳව තමන්ට තිබෙන විශ්වාසය පිළිබඳවත් මතක් කරමින්.

රටේ ජනගහනයෙන් 52% කටත් වඩා සිටින කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන්ම මුහුණු පොත හරහා මඩ ප්‍රහාරයන්ට ලක්වන කාන්තාවන්ට සුරක්ෂිත හෙටක් නිර්මාණය කර දීම තමාගේ මෙම උත්සාහයේ ප්‍රතිඵලය බවයි දමයන්ති මහත්මිය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

රට ඉදිරියට යා හැකි ක්‍රමය

රට ඉදිරියට යා හැක්කේ නීතිය හා විනය තිබුණොත් පමණක් බවද පෙන්වා දෙන දමයන්ති මහත්මිය ඒ සඳහා ජනපතිවරයාටත් මැදිහත් වෙන ලෙස ඉල්ලීමක්ද කරනවා.

තමාගේ හෘද සාක්ෂිය අවංක බවත් කලාකාරිනියක් හැටියට තමාගේ කොන්ද හැමදාමත් කෙලින් තබාගෙන සිටි බවත් දමයන්ති මහත්මිය මතක් කර දෙනවා.

තමාට මෙසේ මඩ ගැසීමට හේතුව රාජපක්ෂ කඳවුරට දැඩි ලෙස උපකාර කිරීම බව පෙන්වා දෙන දමයන්ති මහත්මිය ඊට සරත් වීරසේකර අමාත්‍යවරයාවත් සම්බන්ධ කර තිබෙන බවයි පෙන්වා දෙන්නේ.

දමයන්ති මහත්මිය මෙම අදහස් පල කරන්නේ ඇයට එරෙහිව මුහුණු පොත හරහා දියත් වන ප්‍රචාරයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13