රිෂාඩ්ගේ ගෙදර තරුණියෝ 11 කට දැඩි හිංසන – ඇමැති නිල නිවස ඇතුළෙත් අතවර?

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා මීට ඉහතදී වතුකරයෙන් රැගෙන ආ තරුණියන් 11 දෙනකු දැඩි හිංසනයට සහ ඉන් ඇතැම් දෙනකු ලිංගික අතවරයන්ට ලක්වී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

ඒ අනුව හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් තබූ තරුණියක බම්බලපිටිය ප‍්‍රදේශයේ දී අබිරහස් අන්දමින් දුම්රියට පැන සියදිවි හානිකර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහෙකාර සේවය සඳහා තරුණියන් සහ දැරියන් රැගෙන එද්දී බ්‍රෝකර්වරයාට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදීමට ද ඇමැතිවරයා කටයුතු කර තිබූ බවද හෙළිවී තිබෙනවා.

බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් ගිනිතබාගෙන සිය දිවි හානිකරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත අද (24) ඉදිරිපත් කිරීමට බවත් එහි සඳහන්.

මෙසේ ගිනි තබාගෙන සියදිවි හානිකරගත් බාලවයස්කාර දැරිය ද ලිංගික අතවරයට ලක්ව සිටි බව විමර්ශනවලින් අනාවරණය වී තිබුණා.

මෙම දැරියට මාස 8කින් සිය නිවසට යෑමට ඉඩ ලබාදී නොතිබුණු අතර ඇයට පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ සිය මව්පියන්ට දුරකථන ඇමතුමක් පවා ලබාදීමට ඉඩ දී නොතිබුණු බව හෙළිවී ඇති බවයි පැවසෙන්නේ.‍

මෙම දැරිය හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවස පිටුපස වෙනම පිහිටි කුඩා කාමරයක නතර කර තබා ඇති අතර එම කාමරයේ විදුලි එළියක් පවා තිබී නැති බව අනාවරණය වී ඇති බව එම වාර්තාවල සඳහන්‍.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09