ඉන්දියාවට එරෙහි අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 3 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවේ ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 47 බැගින් ලබාදීමටයි තීරකයන් කටයුතු කළේ.

අනතුරුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 43යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 225ක් පමණයි.

පන්දු යැවීමේදී අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

දුෂ්මන්ත චමීර කඩුලු දෙකයි.

තරගයේ ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 47කදී ලබාගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 227ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටිය පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු  කළා.

අවිශ්ක ප්‍රනාන්දු 76යි. භානුක රාජපක්ෂ ලකුණු 65ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරග දෙකම ජයගත් ඉන්දියාව මෙම තරගාවලිය ජයග්‍රහණය කරනවා. දෙරට අතර 20යි 20 තරගාවලිය ලබන 25 වනදා ආරම්භ වනවා. එම තරග පැවැත්වෙන්නේ ද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43