බුද්ධි අංශ රට පුරා යයි! 68කගේ ළගම අය සොයයි

වේගවත් ව්‍යාප්තියක් ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය  ආසාදනයවූ තවත් 30 දෙනෙකු  දිවයිනේ ප්‍රදේශ 14කින් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව මෙරටින් මේදක්වා හමුවී ඇති ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ යනු ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, කෝට්ටේ, රත්මලාන, අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින්ද   ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම මීගමුව ,මහබාගේ කටුනායක සහ බේරුවල යන ප්‍රදේශවලින්ද  මෙම රෝගීන් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය .

මේ අනුව  මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමේ පරීක්ෂණ සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ විසින් ඊයේම අරඹනු ලැබීය.

මෙයට පෙර ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව, මුලතිව්, සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින්ද ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය  ආසාදනයවූ රෝගීන් හඳුනාගනු ලැබ තිබිණ .

ඩෙල්ටා  රෝගින් වැඩි දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය  ආසාදනය වූ සොයා ගැනීමේ ජාන අනුක්‍රමණ පරීක්ෂණවලට  අදාළ වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ  සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට අද (23) පෙරවරුවේ බාරදෙනු ලැබීය.

මේ තොරතුරු සඳහන් වී ඇත්තේ එම වාර්තාවේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?