තාත්තට චොකා මල්ලි කියන්නේ චණ්ඩියෙක් නිසා නෙවෙයි.. වෙන දෙයක් හින්ද..

වැන්දඹු දේශපාලනයෙන් මැති සබයට ගිය බිරියෝ රැසක් සිටින්නෝය. මතු නොව මැති ඇමැති තාත්තලාගේ අකල් මරණයෙන් පසු ඒ අඩුව පුරවන්නට පැමිණි දූවරුන්ගෙන්ද අඩුවක් නැත. එහෙත් සෙනාලි ජයසේකර මේ දෙවර්ගයටම අයිති නැත. ඈ දේශපාලන වේදිකාවට නගින්නේ තමන්ගේ තාත්තා එල්ලුම්ගහට නියම වූ පසුවය. පසුගිය මහා මැතිවරණයේදී මුළු රටේම අවධානය දිනාගත් ඇය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිගේ දියණියකි. මේ ඇය ‘ධරණී’ පුවත් පතට කී කතාවය.

සාමාන්‍යයෙන් දුවෙක් වැඩිපුර ආදරෙයි කියලා කියන්නෙ තාත්තට. ඔබටත් එය එහෙමම වෙන්න ඇති. එහෙම පසුබිමක තාත්තට ‘මරණ දඬුවම’ ලැබුණා කියන දේ අහන එක දුවෙක්ට ලේසි දෙයක් නෙමෙයි. තාත්තට දුන්නෙ ‘මරණ දඬුවම’ කියලා දැනගත්ත වෙලාවෙ මොන වගේ හැඟීමක්ද ඔබට ඇති වුණේ?

මම මුලින්ම එදා දවස ගැන ඔබට කියන්නම්. ගිය අවුරුද්දෙ තිබුණු මහමැතිවරණයට ප්‍රචාරක කටයුතු කරපු කාලය ඒ. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ප්‍රධානත්වයෙන් කහවත්තේ ප්‍රචාරයක රැළියක් පැවැත්වුණු දවස. ජූලි තිස්එක් වෙනිදා. තාත්තගෙ නඩු දිනය තිබුණෙත් හරියටම එදාමයි. තාත්තා එදා උදේම නැගිටලා මට කතා කළා. තාත්තා නඩුවට යන නිසා රැස්වීම තියෙන තැනට ගිහින් මට එතැන වැඩ හොයලා බලන්න කිව්වා. තාත්තා එන්න පරක්කු වුණොත් කතාවත් මට කරන්න කිව්වා. තාත්තා කිව්වා වගේම වෙලාවට ආවෙ නැහැ. මහින්ද මහත්තයව පිළිගත්තෙත්, කතාව පැවැත්වුවෙත් මම. ඒ ප්‍රචාරක රැළිය ඉවරවෙලා මම රක්වානෙ යන්න පිටත් වුණා. මොකද එදා මීටින් එකෙන් පස්සෙ මම යොදාගෙන හිටියෙ රංජිත් සොයිසා මන්ත්‍රීතුමාගෙ දුවත් එක්ක රක්වානෙ රැස්වීම්වලට යන්න. ඔය වෙනකොට රංජිත් මන්ත්‍රීතුමා හදිසියේ ජීවිතයෙන් සමුගෙන ගිහින් හිටියේ. එතුමගෙ බිරිඳ තමයි අපේක්ෂිකාව වුණේ.

තාත්තා පරක්කු වුණත් ඔබ උසාවියට නොගිහින් රක්වානෙ යන්න පිටත් වුණේ තාත්තා නිදහස් වෙයි කියලා විශ්වාසයක් තිබුණද?

මෙහෙමයි. ‘රක්වාන’ කියලා බෝඩ් එක ගහලා තියෙන තැනට විතරයි මම ගියේ. එතැනින් එහාට යන්න හිතුණෙම නැහැ. මගෙත් එක්ක හිටපු අයට මම කිව්වා මට රක්වානෙ යන්නත් බැහැ රැස්වීම් කරන්නත් බැහැ කියලා. මට යන්න හිත දුන්නෙම නැහැ. ඊටපස්සෙ වාහනේ හරවගෙන අපි ආපහු ආවා. එහෙම ආපහු ආවහම එතන දාහක් විතර සෙනඟ හිටියා.

කොතන ගැනද ඔබ ඔය කියන්නේ?

රත්නපුර නව නගරයේ උසාවි සංකීර්ණය අසළ. අපි එතනට ගියහම මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් ගහපු වාහන ඔක්කොම අයින් කරන්න කියලා පොලිසියෙන් කිව්වා. අපි ඒවා එතනින් ඉවත්කරගත්තා. ඊට ටික වෙලාවකට පස්සෙ උසාවියෙ ඉඳලා අපේ රියදුරු මහත්තයා දුවගෙන දුවගෙන ආවා. ඔහු වාහනේ වාඩිවෙන්න හැදුවත් වාඩිවෙන්න බැරිව සීට් එකෙන් වැටුණා. මට ඒ වෙලාවෙ අමුත්තක් දැනුණා.

ඔබ මොකක්ද ඒ වෙලාවෙ කළේ?

මම උසාවිය ඇතුළට යන්න ගියා. ගේට්ටුව ළඟ කීපදෙනෙක් හිටියත් එයාලා කිසිම දෙයක් කිව්වෙ නැහැ. ඔවුන් මොකුත් නොකියපු නිසා මම එතන නැවතුණා. ටික වෙලාවකට පස්සෙ ‘ඔයා මන්ත්‍රීතුමාගෙ දුව නේද’ කියලා අහලා මට ඇතුළට යන්න කිව්වා. මම ඇතුළට ගියෙ දුවගෙන.

ඔය වෙනකොට අම්මා හිටියෙ උසාවියෙද?

ඔව්. මම උසාවිය ඇතුළට යනකොට අම්මා හම්බවුණා. ඒ වෙලාවෙ අම්මගෙ මූණ තිබුණෙ හොඳටම රතුවෙලා. ඒ විතරක් නෙමෙයි අම්මා අඬ නවා. එතකොට මට හිතුණා නඩු තීන්දුවෙන් තාත්තට යම් දඬු වමක් දීලා ඇති කියලා.

තාත්තට දුන්නෙ මරණ දඬුවම කියලා ඔය වෙනකොටත් ඔබ දැනගෙන හිටියෙ නැද්ද?

නැහැ. එච්චර බර පතළ දඬුවමක් දුන්නෙ කියලා ඔය මොහොත වෙනකොටත් මම දන්නේ නැහැ. යම්කිසි සිර දඬුවමක් දෙන්න ඇත්තේ කියල මට හිතුණෙ.

තාත්තට ලැබුණු දඬුවම ගැන දැනගත්තෙ කොහොමද එතකොට?

ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා එතන හිටියා. එතුමා මාව පැත්තකට එක්කරගෙන ගිහින් කිව්වා අඬන්න එපා අපි අභියාචනයක් කරමු කියලා. ඔය වෙනකොට මම හිතන්නෙ පියවි සිහියෙන් නෙමෙයි මම හිටියේ. මම සෙනෙවිරත්න ඇමැතිතුමාවත් තල්ලු කරගෙන තාත්තව බලන්න දිව්වා.

CHOKA MALLI DAUGHTER SHENALI

උසාවියෙදි තාත්තව හම්බ වුණාද?

තාත්තා හිටියෙ වීදුරුවලින් වටකරපු කාමරයක. එතන පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් හිටියා. නීතීඥ මහත්වරුන් හිටියා. තාත්තා දැක්කහම තාත්තට මොනවා හරි කියන්න ඕන වුණත් මට වචන පිටවුණේ නැහැ. ඒ වෙලාවෙ තාත්තගෙ මුහුණෙන් තැතිගැන්මක්වත්, කඳුළුවත් මම දැක්කෙ නැහැ.

මොනවද කළේ ඉතින් ඒ වෙලාවෙ?

තාත්තා හිටපු වීදුරු කාමරේ දොරට ගැහුවා මම. එතන හිටිය පොලිස් නිලධාරීන් එතකොට දොර ඇරලා දුන්නා. ඒ කාමරේ ඇතුළට ගියහම තමයි මම තාත්තට දීලා තියෙන දඬුවම දැනගත්තේ. ඊට ටික වෙලාවකට පස්සෙ තාත්තව බන්ධනාගාරයට රැගෙන යන්න එක්කරගෙන ගියා. මමත් තාත්තා පස්සෙන් ගියා. ටික දුරක් යද්දි මාව ඇදගෙන වැටුණා. සිහිය එද්දි මම හිටියෙ රත්නපුරේ පෞද්ගලික රෝහලක කාමරයක. බොහෝදෙනෙක් ඒ වෙලාවේ මගේ වටේ හිටියා. සිහිය ආපු ගමන් මම ඇහුවේ ‘තාත්තා කෝ’ කියලා. තාත්තා හිටියෙ වීදුරුවලින් වටකරපු කාමරයක. එතන පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් හිටියා. නීතීඥ මහත්වරුත් හිටියා. තාත්තා දැක්කහම තාත්තට මොනවා හරි කියන්න ඕන වුණත් මට වචන පිටවුණේ නැහැ. ඒ වෙලාවෙ තාත්තගෙ මුහුණෙන් තැතිගැන්මක්වත්, කඳුළුවත් මම දැක්කෙ නැහැ.

තාත්තාට මර ණ දඬු වම ලැබෙන්න හේතුවුණ සිද්ධියේදි දේශපාලනිකව තාත්තට විරු ද්ධ පාර්ශවයේ කෙනෙක්ට ජීවිතය අහිමි වුණා. දැන් ඒ පවුලත් දුක් විඳිනවා, ඔබේ පවුලත් දුක් විඳිනවා. එදා ඒ සිද්ධිය නොවුණා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?

මෙහෙමයි. මම ප්‍රච ණ්ඩ දේශපාලනය අනුමත කරන කෙනෙක් නෙමෙයි. දේශපාලනයේදී හෝ වෙනත් අවස්ථාවකදී හෝ කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ තවත් කෙනෙක්ගෙ ජීවි තය නැ ති කරන්න. දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ගැටෙ න්න ඕන මතවා දීමය මිසක් ඇඟේ හයියෙන් නෙමෙයි. කොහොමත් මම හිතන්නේ මා ද ඇතුළුව මගේ පරම්පරාවේ තරුණ තරුණියන් සිහින දකින්නේ ඒ විදියේ අලුත් රටක් දකින්න. මගේ තාත්තගෙ සිද්ධිය ගත්තහම මම හොඳටම දන්නවා තවත් කෙනෙක්ගේ ජීවිතය නැති කරන්න තරම් තාත්තා දැඩි හිතක් තියෙන කෙනෙක් නෙමෙයි කියලා. එදා සිද්ධියේදි නැති වුණ ජීවිතය ගැනත් ඔහුගේ පවුලේ අය ගැනත් මට තියෙන්නෙ විශාල කණගාටුවක්. මම හොඳටම විශ්වාසයි මගේ තාත්තා මේ දේ කළේ නැහැ කියලා. ඒ නිසා මම කියන්නෙ මේ දේ කරපු ඇත්ත වැරදිකාරයා හොයල දඬුවම් දෙන්න කියලා. ඇත්ත වැරදි කාරයට නීති යෙන් දඬු වම් නොලැබුණත් කවදාහරි සොබාදහමෙන් හරි දඬුවම් ලැබෙයි. මොකද ඔබ කිව්වා වගේම මේ සිද්ධිය නිසා ජීවිතය අහිමිවුණු කෙනාගෙ පවුලත් දුක් විඳිනවා, අපේ පවුලත් දුක් විඳිනවා.

CHOKA MALLI DAUGHTER SHENALI 2

ඔබේ තාත්තාව රටම දන්නෙ ‘චොකා මල්ලි’ කියලා. ඔහු චණ්ඩියෙක් කියලා තමයි සමාජයේ තියෙන අදහස වෙන්නේ. තාත්තා චණ්ඩියෙක් කියනකොට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ?

රත්නපුරේ තාත්තත් එක්ක ඉන්න මිනිස්සු සහ තාත්තව හරියට දන්න කවුරුවත් නම් තාත්තට චණ්ඩියෙක් කියලා කියන්නෙ නැහැ. තාත්තා මිනිස්සුන්ට හරිම සමීපයි. මිනිස්සු වෙනුවෙන් කළ හැකි උපරිම දේ තාත්තා කරනවා. ඒ නිසා එයාලත් තාත්තට ආදරෙයි. සමාජ මාධ්‍යවල ඉන්න සම හරු තමයි ඉතින් තාත්තා චණ්ඩියෙක් කියලා පෙන්නන්න හදන්නේ. අනිත් එක චොකා මල්ලි කියන්නෙ චණ්ඩියෙක් නිසා වැටිච්ච නමක් නෙමෙයි. තාත්තා පොඩි කාලෙ ඉඳලා චොක්ලට් කන්න හරි ආසයිලු. ඒ නිසා තමයි ඒ නම වැටිලා තියෙන්න.

උපුටා ගැනීම – ධරණී පුවත්පත

  1. Horrible thing in Sri Lnkan politics is that during election time if there is a violent incident between two opposing party supporters the police will arrest the candidate whose supporter had done the deed irrespective of the candidate not being involved in it at all. Usually this always happens if the UNP is in power at the time. Then they will concoct evidence as well for a conviction. Know of several incidents – one being the arrest of MR when he was a young candidate (arrested on the instigation of young Ranil !)

    • රෙද්ද තමයි මුන් මිනී මරුවෙ, යාන්තම් නීතිය හරියට වෙලා මුන්ට මරන දඩුවම දුන්නම දැන් ඒකෙන් බේරෙන්න එක එක කතා කියනව. මුන් මිනීමරුවො මුන්ව එල්ලන්න ඕනෙ

  2. රෙද්ද තමයි මුන් මිනී මරුවෙ, යාන්තම් නීතිය හරියට වෙලා මුන්ට මරන දඩුවම දුන්නම දැන් ඒකෙන් බේරෙන්න එක එක කතා කියනව. මුන් මිනීමරුවො මුන්ව එල්ලන්න ඕනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52