සති අන්තය ලොක්ඩවුන්ද? තීරණය යුද හමුදාපති කියයි

සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතිනවාද යන්න මේවන විට කතාබහට ලක්ව තිබෙනවා.

ඒ පිලිබඳ අදහස් දක්වමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ සති අන්තයේ දිගු නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා පැනවීමට තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වුවද පළාත් අතර සංචාර සීමා දිගටම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළා.

රටපුරා කොවිඩ් ආසාදිතයන් විසිදාහක් පමණ ප්‍රතිකාර ලබන සහ ආසාදිතයන් දිනකට 1500කට අඩු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන තත්වයක් යටතේ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්නැයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අවදානමක්!

එසේ කටයුතු නොකළහොත් අවදානමක් මතුවිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

රට පුරා දැනට හුදෙකලා කර ඇත්තේ සීමිත ප්‍රදේශ සංඛ්‍යාවක් පමණක් බවත් එන්නත්කරණ වැඩපිළිවෙලද රට පුරා සාර්ථකව ක්‍රියාත්මකවෙමින් පවතින බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොවිඩ් වැළඳී මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙකු එන්නත ලබා නොගත් අය බවද ඔහු පැවසූවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48