අසංග ප්‍රියමන්ත පීරිස්ට ‘කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය’ ගෞරව නාමයක්

ජනප්‍රිය ගායක අසංග ප්‍රියමන්ත පීරිස් වෙත මනුෂ්‍යත්වය උදෙසා ගෞරව ප්‍රණාමයක් ලෙසින් ‘කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය’ ගෞරව නාමය සහිත සන්නස් පත්‍රයක් අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් අතින් ලබා දීම සිදු කෙරිණි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා (18 වැනිදා) පැවති උත්සවයකදී මෙය ලබා දුන් බව ගායන ශිල්පී අසංග ප්‍රියමන්ත පීරිස් පවසයි.

ගීත 400ක් පමණ ගායනා කර ඇති ඔහුගේ ගායන දිවියට වසර 35ක් පමණ සපිරේ.

මොරටුව ප්‍රදේශයේ පදිංචි අසංග ප්‍රියමන්ත පීරිස් දක්ෂ ලී කැටයම්කරුවෙකු ද වේ.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් සිප් සතර හදාරා වර්ෂ 1985 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වී ඇති අතර මොහුගේ ගායන දිවියට ‘අරුණ’ වෙබ් පිටුව සුභා සිංසන පුද කරන්නෙමු.

දර්ශාන් කානිල් ප්‍රනාන්දු මොරටුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?