රනිල් ආණ්ඩුවට කඩේ යන හැටි ෆොන්සේකා රනිල්ගේ මූණටම කියයි

බලශක්තිය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය කථාව අතරතුර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණටම දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරා.

සමගි ජන බලවේගය සභාපතිවරයාද වන ෆොන්සේකා මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ සදාකාලිකවම කටයුතු කළ ආකාරයට ඇතුලේ ඉන්න අයගෙම කකුලෙන් ඇදීම මේ විශ්වාසභංගයේදීත් කළ බවයි.

අඟේ ඉදන් කන කන මිනිහෙක්

වික්‍රමසිංහ මහතා ඔළුව අත ගා ටොක්ක අනින , අඟේ ඉදන් කන කන පුද්ගලයෙකු බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා විශ්වාසභංගය ගෙන ආ යුතුව තිබුණේ ඇමතිවරයාට එරෙහිව නොව ආණ්ඩුවට එරෙහිව බවට සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ කළ බවත් පෙන්වා දුන්නා.

ඒ හරහා ආණ්ඩුව දුර්වල කළ හැකි බවට වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබාදුන් බව පෙන්වා ෆොන්සේකා මහතා සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගෙන ආවේ නම් ආණ්ඩුව තවත් ශක්තිමත් වන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන් බව සඳහන් කරමින්.

ආණ්ඩුවට කඩේ යනවා

වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට කඩේ යන බව ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා එසේ කඩේ යාමද දැන් ආණ්ඩුව අනුමත නොකරන බව නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවයි සඳහන් කළේ.

එනිසා සමගි ජන බලවේගය වැඩවලට අත දාන්නේ නැතුව ඕනනං ආණ්ඩුවට එරෙහිව තනියෙන් විශ්වාසභංගයක් ගෙන එන ලෙස වික්‍රමසිංහ මහතා අමතා ෆොන්සේකා මහතා සඳහන් කළා.

වේලාව දුන්නෙත් ආණ්ඩුව පස්ස දොරෙන්

වික්‍රමසිංහ මහතාට කතා කිරීමට වේලාව ලබා දුන්නේ විපක්ෂයෙන් නොව ආණ්ඩුවෙන් බවද හෙළි කළ ෆොන්සේකා මහතා වික්‍රමසිංහ මහතා කතානායකවරයාට කතා කොට පස්ස දොරෙන් කතා කිරීමට වේලාව ගත් බවටද චෝදනාවක්ද කළා.

සරත් ෆොන්සේකා මහතාගේ මෙම සියලූ වාග් ප්‍රහාර වික්‍රමසිංහ මහතා බාධා කිරීමකින් තොරව නිහඬවම අසා සිටීමද දක්නට ලැබුණා.

  1. රනිල් වරක් තමාගෙ ජනපති අපෙක්ෂකත්වය කිසිම කතාවක විවාදයක් නැතිව පොන්සෙකාට ( පොන්නසෙකාට ) දුන්නා, පොන්නසෙකා එම කෙලෙහි ගුනයවත් නැති එකෙක් බව ඌ දෙන් පෙන්වන්නෙ , පැන්ශන් යන්න දින කිහිපයක් තිබියදි ගෝටාබය මහින්ද රාජපක්ශ ලවා මූට හමුදාපති තනතුර පවා දුන්නා ;පැරනි යාලු කමට , පොන්නසෙකා එම කෙලෙහි ගුනයවත් නොතබා , වීරයා වන්නට මහින්දට එරෙහිව ජනපති කමට තරන්ග කලා; තමා ට එරෙහි සියල්ලනට අශෝබන වචන වලින් නිග්‍රහ කරමින් මේ පොන්න සෙකා තව කොපමන කලක් නටාවිද බලමු

      • ලැජ්ජා නැති කම බේරනවා; මිනිහෙක්ට වෙදගත් විදියට කතා කරන්න දන්නෙ නැති . තමන් පමනක් උගත් උසස් කියා සිතා, අනුනට සතුන්ගෙ නම් වලින් කතා කරන්නෙ පොන්න සෙකා, ඌ දන්නවා ඌට අත දුන් අය ; එත් එවා අමතක කර ; තම බලය වාසියම පතන කලවෙද්දෙක් පොන්න සෙකා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18