ඩයනා ගමගේ “කංසා” සමග පෙරට: පනත සූදානම් – ඩොලර් ආකරයක්

සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට ගිය ඩයනා ගමගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරිය නිහඬතාවය බිඳිමින් නව ඖෂදීය නිෂ්පාදනයක් නීතිගත කිරීම පිළිබඳව තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.

පනත සූදානම්

ඖෂධීය කංසා වගා කිරීම සහ අපනයනය නීතිගත කිරීම සඳහා දැනටමත් පනතක් සූදානම් වෙමින් පවතින බවයි ඩයනා ගමගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරිය හෙළිදරව් කරන්නේ.

ඖෂධීය කංසා වගා කිරීම සහ එම නිෂ්පාදන අපනයනය කිරීම නීතිගත කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි මන්ත්‍රිවරිය පෙන්වා දෙන්නේ.

ඉහළ පෙළේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ කැමැත්ත

මේ සම්බන්ධයෙන් මෙරට සිටින ඉහළ පෙළේ ආයුර්වේද වෛද්‍යවරුන් සමගද සාකච්ඡා කොට ඇති බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.

ඖෂධීය කංසා කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනා ව්‍යාපාරයක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ජාත්‍යන්තර ණය ගෙවීම සඳහා ඉන් විශාල දායකත්වයක් ලබාගත හැකි බවයි පෙන්වා දෙන්නේ.

අති විශාල කර්මාන්තයක්

තමා කතා කරන්නේ විශාල කර්මාන්තයක් ගැන බව සඳහන් කරන මන්ත්‍රීවරිය කංසා අපනයනය සඳහාම පමණක් නොව දේශීයව ඖෂධ සෑදීමට , රූපලාවන්‍ය නිෂ්පාදනවලට , පාරිභෝගික භාණ්ඩ හා ආහාර පාන ආදී බොහෝ දේශීය ක්ෂේත්‍ර සඳහාද ප්‍රයෝජනයට ගත හැකි බව පෙන්වා දෙනවා.

කංසා මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කිරීම රටක් ලෙස අපට සිදු වුන වැරැද්දක් බවයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙරට පුරවැසියන් කංසා ව්‍යාපාරය විවේචනය කළද ගෝලීය වශයෙන් එය පිළිගෙන ඇති අතර ලොව රටවල් 50කට අධික සංඛ්‍යාවක කංසා වගාව සරුවට සිදුවන බවයි මන්ත්‍රීවරියගේ මතය වන්නේ.

විවේචන වලට බය නැහැ

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පසුගිය අප්‍රේල් මාසයේදී කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ යෝජනාවට දැඩි විවේචන එල්ල වුණා.

එහෙත් තමන් එවැනි විවේචන වලට බිය නැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කර තිබුණේ THE MORNING පුවත්පතටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08