සංචරණ සීමා ගැන පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

විවාහ මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු සඳහා පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා පමණක් තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කරමින් පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව පවතින බවයි.

එමෙන්ම පළාත් දෙකක් අතර සිදුවන මංගල උත්සවයකදී එම පාර්ශවයන් දෙකෙන් එක් පාර්ශවයකට අනෙක් පළාත වෙත ගමන් කිරීමේ හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

එහිදී මනාලයාගේ හෝ මනාලියගේ මව්පියන්ට ද ගමන් කිරීමේ හැකියාවක් හිමිවන අතර වෙනත් කිසිදු අයෙකුට පළාත් හරහා ගමන් කිරීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

මේ අතර විවාහ මංගල උත්සවයක් වෙනුවෙන් සහභාගී කරගත හැකි උපරිම සංඛ්‍යාව 150කට හෝ අදාල ස්ථානයේ ධාරිතාවෙන් හතරෙන් එකක් පමණක් බව පොලිසිය යළිත් මතක්කර දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20