වෙනත් ප්‍රභේදවලට වඩා ඩෙල්ටා සියයට 225 ක වේගයකින් පැතිරෙයි

ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා රටවල වේගයෙන් පැතිර යමින් පවතින ඩෙල්ටා නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැනට පැතිර ගොස් ඇති සෙසු කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට වඩා සියයට 225ක වේගයෙන් පැතිර යන වෛරස් ප්‍රභේදයක් බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් සරසවියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය හෙලන් චු පවසන්නේ කවුරුන් කුමන කෝණයකින් මෙම වෛරස් ප්‍රභේදය දෙස බැලූවද එය සිතාගත නොහැකි වේගයකින් පුද්ගලයන් අතර පැතිර යන බවයි.

මෙයට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබුණේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය එංගලන්ත වෛරස් ප්‍රභේදය වන ඇල්ෆා ප්‍රභේදයට වඩා 60 ගුණයක වේගයකින් පැතිරීමේ හැකියාවක් ඇති ප්‍රභේදයක් බවයි.

මේ අතර චීන වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදු කර ඇති නවතම අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ වෙනත් කොරෝනා වෛරස් ප්‍රභේදයන් ආසාදනය වූ අයට වඩා දහස් වාරයක් වැඩි වෛරස් අංශු ප්‍රමාණයක් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයගේ ශ්වසන පද්ධතිය තුළ තැන්පත්ව තිබෙන බවයි.

මෙම වෛරස් ප්‍රභේදය නොසලකා හරිමින් ඒ සම්බන්ධයෙන් බලධාරීන් විසින් කඩිනමින් අවශ්‍ය පියවර නොගතහොත් විශාල ජීවිත හානියක් සිදු විය හැකි බවට බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් මේ වන විට අනතුරු අඟවා තිබේ. ඉකුත් සතිය තුළදී ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගොස් තිබූ අතර, රෝහල්ගත කෙරුණු ආසාදිතයන්ගේ සංඛ්‍යාව එම සතිය තුළදී සියයට 36කින් වැඩි වී ඇති බව අනාවරණය වී තිබේ.

දැනට ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට එරෙහිව ඉහළ ආරක්ෂාවක් ලබා දෙනුයේ ෆයිසර් එන්නත බව හෙළි වී ඇත. කෙසේ වුවද ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා එන්නත් මාත්‍රාවන් දෙකම ලබා ගත් 5492 දෙනකු කොරෝනා ආසාදනයෙන් මියගොස් හෝ රෝහල්ගත කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇතැයි එරට රෝග නිවාරණ හා පාලනය පිළිබඳ මධ්‍යස්ථානය පවසයි. මේ නිසා ඩෙල්ටා වෛරස් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට නම් එන්නත් ලබා ගත් අය මෙන්ම එන්නත් ලබා නොගත් අයද නිසි පරිදි කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු බව කැනේඩියානු වෛද්‍ය පර්යේෂකයන් විසින් පවසා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35