තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද (19) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

අද අලුයම 2.15ට පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බව “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ , විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් , එම එන්නත් තොගය මේ වනවිට  කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන විත් තිබේ.