ලංකාවේ ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටලයක්, හෝටල් හා ආපනශාලා සංකීර්ණයක් සහ උත්සව ශාලා පරිශ්රයකින් සමන්විත Waters Edge ඉතිහාසය අලුත් කරමින් ඉතිහාසයේ ප්‍රථම වරට වාර්ෂික ආදායම බිලියන 03 ඉක්මවා ඇති බව Waters Edge සභාපති චතුර ක්‍රිෂාන්ත මහතා පසුගිය දින මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබුවා.
2024 දෙසැම්බර් මස 12 වැනි දින Waters Edge හි නව සභාපති ලෙස වැඩ භාරගත් මෙරට ව්‍යාපාරික ක්ෂේත්රය තුළ නව මානයන් සනිටුහන් කරමින්, තමන්ගේ දැක්මක් සහ අභිලාෂයක් ඔස්සේ සාර්ථකත්වයේ මාවත ගොඩනගාගත්, අත්දැකීම් බහුල ව්‍යවසායකයෙකු වන චතුර ක්‍රිෂාන්ත පෙරේරා සිය නව ව්‍යාපාර ව්‍යුහයන් ඔස්සේ Waters Edge ආයතනය මෙහෙයවමින් ආයතනයේ කාර්ය මණ්ඩලයේ කැපවීම, මහන්සිය සහ ආයතනය පිළිබඳ විශ්වාසය තබා සිටින ගණුදෙනුකරුවන්ගේ සහයෝගය මත Waters Edge ඉතිහාසයේ ප්‍රථම වරට ආදායම වාර්තාගත ලෙස ඉහළ දැමීමට සමත් වී තිබෙනවා.
උත්සව ශාලා අංශය, ආහාර පාන අංශය සහ කාමර ව්‍යාපෘති යන අංශයන්ගේ පෙරළිකාර නව වෙනස්කම් රැසකින් පසු මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇති අතර නව අරමුණු හා නව දැක්ම මත Waters Edge ආයතනය තවදුරටත් ශක්තිමත් කරමින් තිරසාර සංර්වධන ක්‍රම හා උසස් සේවා මට්ටම් ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ සම්මානනීය ආයතනයක් බවට Waters Edge ආයතනය පත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.
විශේෂයෙන්ම මාසික ආදායම් ලාභය නොකඩවා අඛණ්ඩ ලෙස ලාභ ලබමින් මෙන්ම 2026 වසර අවසානයට පෙර බදු පෙර ලාභය ලෙස මිලියන 500ක ලාභයක් බලාපොරොත්තු වීමට ප්‍රධානතම හේතුව නව කළමනාකාරිත්වය යටතේ එනම් සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරාගේ නායකත්වයෙන් සාමාන්‍යාධිකාරී ඉයන්ත් අබේසිංහගේ ආයතන කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ කැපවීම තුළින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමයි.










