ක්ෂේත්‍ර නවයකට පනවා තිබූ සීමා ලිහිල් වෙයි

අද සිට ක්‍රියාත්මක වන නව සංචරණ සීමා ලිහිල් කිරීම් යටතේ තෝරාගත්  ක්ෂේත්‍ර නවයකට පනවා තිබූ  සීමා තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අනුව ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ඇති අතර ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනම නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම සත්වෝද්‍යාන,වනජීවී උද්‍යාන ආදිය විවෘත කිරීමට නව ලිහිල් කිරීම් යටතේ ඉඩ ලැබෙනවා.

සත්වෝද්‍යානවල ධාරිතාවෙන් 25%ක් නරඹන්නන් ඇතුළු කිරීමට නව ලිහිල් කිරීම් යටතේ ඉඩ ඇති අතර වනජීවී උද්‍යාන විවෘත කළ යුතුව ඇත්තේ දැඩි සෞඛ්‍යය විධිවිධාන යටතේයි.

එමෙන්ම භෞතිකව සම්බන්ධ නොවන ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සහ ක්‍රීඩා තරඟ සඳහා ද නව ලිහිල් කිරීම් යටතේ අවසර ලැබෙනවා.

ළමා උද්‍යාන,නවාතැන් ස්ථාන,කඳවුරු බිම් සහ ඔට්ටු ඇල්ලීමේ ස්ථානද නව ලිහිල් කිරීම් යටතේ විවෘත කෙරෙනු ඇති.

අද සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝප මාර්ගෝපදේශ යටතේ ශාලාවන් තුළ පැවැත්වෙන සංගීත සංදර්ශන සඳහා ද අවසර ලබාදී ඇති අතර ඒ සඳහා සහභාගි කරගත හැක්කේ යොදාගනු ලබන ශාලාවෙන් 50% ක් වූ ප්‍රේක්ෂකයින් පිරිසක් පමණයි.

කෙසේ වෙතත් නව සීමා ලිහිල් කිරීම් යටතේ එළිමහන් සංගීත සංදර්ශන සඳහා තවදුරටත් වාරණයක් පැන වී තිබෙනවා.

Screenshot 2021 07 16 at 17 45 32 277098 1 webp WEBP Image 553 × 855 pixels — Scaled 71


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15