AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණ 41ක්

තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (12) දින තහවුරු කර ඇති එම මරණ 41ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,574ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබේ.

මේ අතර කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 882ක් අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 276,988ක් දක්වා ඉහළගොස් තිබේ.

276833 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?