ඉරාකයේ කොරෝනා වාට්ටුවක විශාල පිපිරීමක් – 60කට අධික පිරිසක් මිය යයි

ඉරාකයේ රෝහලක අලුතින් ඉදි කර තිබූ කොරෝනා රෝගීන් සඳහා වන වාට්ටුවක විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. 

ඉරාකයේ නසිරියා හි පිහිටි  අල් හුසේන් රෝහලේ  නව කොරෝනා වාට්ටුව තුළ කොරෝනා රෝගීන් 70ක් සඳහා ප්‍රතිකාර කිරීමට පහසුකම් සපයා තිබුණු බවයි වාර්තා වන්නේ.

පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන ඇති අතර එම ගින්නට හසුව පුද්ගලයින් 64 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වෙනවා. එමෙන්ම තවත් පුද්ගලයින් 70කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන්.

පිපිරීමට ප්‍රධාන හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර බලධාරීන් සැක පළකරන්නේ ඔක්සිජන් ටැංකි පිපිරීමක් නිසා මෙය සිදුවන්නට ඇති බවයි.

රෝහල් ප්‍රධානියාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක අගමැති මුස්තාපා අල් කද්මි විසින් විශේෂ නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

පිපිරීමෙන් මිය ගිය පිරිසගේ ඥාතින් විසින් කලහකාරී ලෙස හැසිර ඇති අතර ඔවුන් විසින් පොලිස් වාහන දෙකක් ගිනි තබා විනාශ කර තිබුණා.

මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36