එන්නත් මාත්‍රා මිශ්‍රකර දීම සෞඛ්‍යට හිතකරද ?

කොවිඩ් -19 එන්නත් මිශ්‍රකර එන්නත්කිරීම භයානක ප්‍රවණතාවයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා කළ ප්‍රකාශයට කැනඩාවේ ඔන්ටාරියෝ පළාත් රජය ප්‍රතිචාර දක්වා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාතන් පැවසුවේ එකිනෙකට වෙනස් කොවිඩ් එන්නත් මිශ්‍රකර භාවිත කිරීමට තමා උපදෙස් නොදෙන බව පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකාව, කැනඩාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඇතුළු ලොව රටවල් කිහිපයක ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත යොදාගැනීමට කටයුතු කර තිබේ.

“එන්නත් මිශ්‍රකර ලබාදීමෙන් ඇතිවන ප්‍රතිඵල ගැන අපිට දත්ත නෑ. නිවැරදි සාක්ෂි නෑ. මේක භයානක ප්‍රවණතාවයක්,” සෞම්‍යා ස්වාමිනාතන් පැවසුවාය.  
 
මේ අතර ඔන්ටාරියෝ සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස්ටීන් එලියට්ගේ සන්නිවේදන අධ්‍යක්ෂ කාර්ලි ලුවී පැවසුවේ ඔවුන් දිගටම එන්නත් මිශ්‍රකර ලබාදෙන බවය.

“ඔන්ටාරියෝ පළාත් “ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ” (NACI) උපදෙස් තමයි අපි අනුගමනය කරන්නේ. එක්සත් රාජධානිය, ජර්මනිය විසින් කරන ලද අධ්‍යයනයන් මත පදනම්ව එන්නත් මිශ්‍ර කිරීම ආරක්ෂිත බව නිර්දේශ කර තිබෙනවා. එන්නත් මිශ්‍රකිරීම ආරක්ෂිත බවත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් නිපදවන බවත් සොයාගෙන තිබෙනවා,” යනුවෙන් ලුවී පැවසුවාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50