නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල 05 දෙනෙකු

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා මුදාහැරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සතියක කාලය තුළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිලිවලට අදාළව සිදු කෙරුණු විමර්ශනවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව, පිටකෝට්ටේ සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචි 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ද, මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී 23 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව පිළියන්දල නාම්පමුණුව ප්‍රදේශයේදී ද 39 හැවිරිදි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම 31 හැවිරිදි පුද්ගලයා විසින් තවත් අයෙකුගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වී ඔහුගේ මුරපදය වෙනස් කර අසභ්‍ය ඡායාරූප ඇතුළත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

විවාහවීමට පෙර පෙම්වතුන් ලෙස සිටියදී ලබාගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙනත් කෙනෙකු සමග විවාහ වන අවස්ථාවේදී විවිධ ආකාරයට සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම ප්‍රවණතාවයක් මේ වනවිට දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
 
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තවදුරටත් විමර්ශන කරන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34