පොලීසිය කවදාවත් නීතිය නවලා නෑ -අමාත්‍ය සරත් වීරසේකර

නීතිවිරෝධී උද්ඝෝෂණවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිරෝධායනය ට යොමුකිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදුවූවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

මේ හේතුවෙන් අදාළ ක්‍රියාවලියේ දී පොලිස් නිලධාරින්ගේ වරදක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කඩුවෙල නව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“පොලීසිය කවදාවත් තමන් ට අවශ්‍ය කරන විදියට නීතිය නවලා හිතුමතේ වැඩ කළේ නෑ. පොලීසිය වැඩ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග පිට. නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට නියෝග නිකුත් කරන්න පුළුවන්. ඔහු නියෝගයක් නිකුත් කරලා තිබුණා පොලිස්පතිතුමා ට සියලූම උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි ඒක රෝග ව්‍යාප්තිය ට බලපාන නිසා. අපි එදා උද්ඝෝෂණයට සහභාගී වෙන අයට උදේ ඉදලා ම  කිව්වා. අපි බැනර් දැම්මා. අපි ස්පීකර්වලින් කිව්වා. එන්න එපා කිව්වා. මෙහෙම නියෝගයක් තියෙනවා කියලා කිව්වා. ඒ සියලු දේම අහන්නේ නැතුව තමයි ඔවුන් ඒ උද්ඝෝෂණයට සහභාගී වුණේ නිරෝධායන නීති කඩමින්. ඒ අනුව තමයි පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ. අපි නිරෝධායනයට යැව්වේ පොලීසියට ඕන නිසා නෙමෙයි. ඒකටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ ලිඛිත ලේඛනයක් අපිට තියෙනවා වාහම නිරෝධායනයට ලක්කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අපි කටයුතු කළේ. ඒ නිසා ඒකට පොලීසියට කාටවත් දොස් කියන්න බෑ.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16