අනාගතේ දවසක කියයි ගෝඨාභය ජනාධිපතිතුමාට පිං සිද්ධවෙන්න අපි ජීවත් වෙලා ඉන්නවා කියලා

පසුගිය දවස්වල අපි වෙනුවෙන් කතාකරන්න කොච්චර කට්ටිය හිටියද? මේ රටේ විතර පරිසර වේදියෝ කොහේවත් හිටියේ නැහැ. කොට ලොරියක් යනව දැක්කගමන් මේ අය කලබල වෙනව. මේ අය කිව්වා ලෙඩේට බෙහෙත්දීල වැඩක් නැහැ කියල මූලාශ්‍රයට බෙහෙත් දෙන්න ඕන කිව්වා. වකුගඩු රෝගය හැදෙන්නේ කොහෙද එතනට බෙහෙත දෙන්න ඕන කිව්වා. දැන් එහෙම කිව්ව එක්කෙනෙක්වත් නැහැ. රසායනික පොහොර තහනම් කලා විතරයි දැන් ඔක්කොටම ඉන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා විතරයි’ යයි අපනයන ප්‍රවර්ධනරාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය නගරසභාවේ පැවැති කහපැල බෙදාදීමේ උත්සවයට සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් කතාකල රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

අපේ රටේ හැටියක් තමයි හොද වැඩක් පටන්ගත්තත් විරුද්දකාරයන් ගොඩක් ඉන්නවා. පාසල් දහසක් හදනවා කන්න්ගර යුගයට අපි ආපසු යනවා. මගේ ආසනේ අසල මතුගම තමයි කන්න්ගර මහත්තයා එතුමට මොකද වුනේ. එතුමා අධ්‍යාපනයේ පියා ගෙදර ගියා ගස්කපපු මිනිහා පාර්ලිමේන්තු ගියා. ඒ අපේ රටේ හැටි දැන් අධ්‍යාපනයේ පියා කන්න්ගර මහත්තය කියල ඒ ප්‍රතිපත්ති ගේනවා.

බණ්ඩාරනායක මැතිණිය එතුමිය මේ රටේ සෑම බිම් අගලක්ම වගා කලා. කොරෝනා වෙලාවේ එතුමියගේ ප්‍රතිපත්තිය හොදයි කියල සමාජ ජාලාවල පින්තූර දැම්මා. එහෙම තමයි අපි. ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව අනාගතයේදී දුරුවන් කියයි ගෝඨාභය ජනාධිපත්තුමාට පින්සිද්ධවෙන්න තමයි අපි ජීවත්වෙලා ඉන්නේ කියල. ‍නිරෝගීමත් මනුස්සයෙක් ඉන්න ඕන. ඉතින් අපිට ලොකු කාර්යභාරයක් තියනවා.

ඔබලා කිසි දෙයකට බයවෙන්න එපා අපි මේ වස කන වැඩේ නතර කරල මේකට මුහුණදීල මේකෙන් ජයගන්න ඕන. දැනුවත්කිරීමේ අඩුපාඩුවක් තියෙනවා. කෘෂි ක්ෂෙත්‍රයේ ඉන්න අය ගමේ යවන්න ඕන මේ වැඩේට.

අපේ සියයට අසූපහක් ඉන්නේ ගොවිතැන කරන අය. මේ ඇඹිලිපිටියේ. මේ අයට අපිට දෙන්න පුලුවන් ඕනතරම් දේ තියෙනවා. මේ කහ පැල වගේම අනෙකුත් ගොවිතැන් සදහා අවශ්‍ය සියලුම පැල අපි මුදල් අය කරගැනීමෙන් තොරව දෙනවා. වගා කරන්න පුලුවන් ප්‍රෙද්ශ වල අපනයන කලාප ඇති කරල වගාකරන්න පුලුවන් සෑම ඉඩමකමකමව වගා කරන්න පුලුවන් වැඩ පිළිවෙලක් අපි හදලයි තියෙන්නේ අපි වගාකරන්න පුලුවන් දේවල් පමණක් ඒ ඒ ප්‍රදේශවලට අපි ලබා දෙනවා.

අඹ වගා කරන්න පුලුවන් ප්‍රදේශවලට අපි අඹ ලබා දිය යුතුයි. එහෙම නැත්නම් ගම්මිරිස් දීල වැඩක් නැහැ. ඒ ඒ පැති වලට ආවේනික බෝගයන් වගා කරන්න ඕන.

අපි ගම්මිරිස් පැලටික කජු පැල ටික,කුරුදු පැලටික,කහ පැලටික දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ වෙලාවේ අපි ඔක්කොම එකතුවෙලා මේ ගොවියට යමක් ලබල දෙන්න ඕන. ජනාධිපතිතුමාගේ බලාපොරොත්ත තියෙන්නේ ගොවියා ශක්තිමත් කරන්න. අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි ගොවිතැනට මුල්තැන දෙනන. අපි හැම වෙලාවෙම ගොවිජනතාවට සහන ලබාදෙනව වගේම උපදින දරුවන්ටත් එක්කයි මේ වැඩ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37