බංග්ලාදේශයේ දෙදෙනෙක්ට සෞදියේදී මරණ දඬුවම

සෞදිය විසින් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු මරණීය දණ්ඩනයට ලක්කර තිබෙනවා.

සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, පල්ලියක් තුළ “අශෝභන ක්‍රියාවක්” සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතික පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක පසුගිය බදාදා දින මෙලෙස මරණ දණ්ඩනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ වරදකාරී ක්‍රියාව කුමක් ද යන්න පිළිබඳව එම අමාත්‍යාංශය පැහැදිලි තොරතුරු ලබා දී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙක් මරණ දණ්ඩනයට ලක්කරන බව ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු කර නොතිබූ බව බංග්ලාදේශ බලධාරීන් පෙන්වා දෙනවා.