කුඹුරේ වැඩ කරමින් සිටින අතරතුර අකුණුසැර වැදී දෙදෙනෙකු ජීවිතක්ෂයට

අනුරාධපුර, මැදවච්චිය, රඹෑව ප්‍රදේශයේදී අද (20) දහවල් අකුණුසැර වැදීමෙන් කාන්තවන් දෙදෙනෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම එම අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූ එක් අයෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

කුඹුරක වැඩ කරමින් සිටින අතරතුර හටගත් වර්ෂාව හේතුවෙන් මෙම තිදෙනා කුඹුරේ පිහිටි ගසක් අසළට ගොස් ඇති අතර එම ස්ථානයට අකුණු සැර වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූවන් රඹෑව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මෙම කාන්තාවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර භික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වන කාන්තාවක් සහ වයස අවුරුදු 26ක් වන කාන්තාවක්.