‘අග්බෝ’ ඇතා සෙවීමේ සෝදිසි මෙහෙයුම් අද (19) දෙවන දිනටත් අරඹා තිබෙනවා.
ශ්රී ලංකා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ඊයේ (18) දහවල් කාලයේදීයි.
නාච්චාදූව වැව් රක්ෂිතය ආශ්රිතව අද (19) දින උදෑසන මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා යුද හමුදා සෙබළුන් 50 දෙනෙකු පමණ සහභාගී වී සිටිනවා.
අග්බෝ ඇතා කඩිනමින් සොයාගෙන එම සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් තිරප්පනේ ප්රදේශයෙන් ඊයේ ආරම්භ කෙරුණා.
ඒ, අනුව ඊයේ (18) දිනයේ දී ඒරුවැව ප්රදේශයේ සිට A-9 මාර්ගය හරහා ගමන් කර නාච්චාදූව වැව් රක්ෂිතය දෙසට අග්බෝ ගමන් කළ බවට ලැබුණු තොරතුරු මත අද (19) එම රක්ෂිතය ආවරණය කරමින් සෝදිසි මෙහෙයුම් අරඹා තිබෙනවා.
