ලංකාවට මත්ද්‍රව්‍ය එවන ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකාරගෙන ගිය තමිල්නාඩු ප්‍රාන්තයේ තමිළග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙක් එරටා ආරක්ෂාකා අනාශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර තමිල්නාඩු මහ ඇමති ජෝසෆ් විජේගේ සමීපතම දේශපාලන හිතවාදීයෙක් වන TVK පක්ෂයේ නාගපතිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයෙකු වන එන්. භූපාලන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙටම්පෙටමින් (Methamphetamine) නොහොත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමඟ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්දියාවේ නාගපතිනම් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන යන බවට එරට බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සහමත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා නාගපතිනම් රේගු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.