මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රසිද්ධියට පත් කාවන්තිස්ස ඇතා අද (16) පස්වරුවේ මියගොස් තිබෙනවා.
කාවන්තිස්ස ඇතා සියඹලන්ගමුව ප්රදේශයේ වෙල් යායක ඇද වැටී සිටියදී අද (16) පෙරවරුවේ සොයාගනු ලැබුවා.
මෙම සත්වයාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පශු වෛද්ය කණ්ඩායම් සහ වනජීවී නිලධාරීන් එක්ව පසුගිය මාසයේ ප්රතිකාර ආරම්භ කර තිබුණා.
පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණ ද පසුගිය දින කිහිපයේ නිසි පරිදි ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බවයි පශු වෛද්ය කණ්ඩායම් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් මේ වන විට පශු වෛද්ය කණ්ඩායම් සහ වනජීවී නිලධාරීන් මෙම සත්වයා ඇද වැටී සිටි ස්ථානයට පැමිණ ප්රතිකාර කටයුතු ආරම්භ කර තිබූ අතර අවාසනාවන්ත ලෙස එම සත්වයා අද පස්වරුවේ මියගොස් තිබෙනවා.
