ජාතික මහා මාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මහනුවර – යාපනය මාර්ගයේ කිලෝමීටර 58+240 සිට කිලෝමීටර 63+000 දක්වා වන මාර්ග කොටස පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබෙනවා.
ඒ සඳහා ලංසු 08ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, M/s Tudawe Brothers (Pvt) Ltd., වෙත රුපියල් බිලියන 1.070ක (අවිනිශ්චිතතා අරමුදල් ඇතුළුව සහ එකතු කළ අගය මත බදු රහිතව) මුදලකට එම කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.










