වත්තල පොලිස් වසමේ මාබෝල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09යි ග්‍රෑම් 229ක් සහ හෙරොයින් කිලෝ 09යි ග්‍රෑම් 264ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් මත ඊයේ (10) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 24ක වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වන අතර, ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තාගේ සමීපතමයෙක් බවටයි තොරතුරු වාර්තා වුණේ.
මෙම වැටලීමේ දී මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
