සෑම සිසුවෙකුටම සම වරප්‍රසාද හිමිවන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමට රජය කැප වී සිටිනවා – අගමැතිනිය

පාසල් පද්ධතිය තුළ පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනයට දායක වෙමින් සෑම සිසුවෙකුටම සම වරප්‍රසාද හිමිවන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

හබරණ මහා විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (10) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරිය කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ද එක් වූ අතර, එහිදී වෙන් කරන ලද ප්‍රතිපාදන ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින නේවාසිකාගාර, පන්තිකාමර ඇතුළු අනෙකුත් ගොඩනැගිලිවල සංවර්ධන කටයුතු අග්‍රාමාත්‍යවරිය විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

​එමෙන්ම එම පාසලේ අවශ්‍යතාවලට අනුව ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා විමසීම සදහා වූ සාකච්ඡාවක් ද මෙහිදී පැවැත් වුණා.

​කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය සඳහා රජය විසින් මිලියන 40ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය පාසල් පරිසරය දරුවන්ට හිතකර ලෙස සංවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.