කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ දී මෙට්‍රෝ බස් රථයකට හිතාමතා අනතුරක් සිදුකළ, මාර්ග අංක 120 හොරණ – කොළඹ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල පොලිසිය මඟින් ඊයේ (09) එම රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ (09) කහතුඩුවේ සිට උදෑසන 7.15ට ගමන් ආරම්භ මෙට්‍රෝ බස් රථය මෙලෙස අනතුරට ලක්කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
කහතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වූ මෙට්‍රෝ බස් රථය පිටුපසින් පැමිණි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථය, කැස්බෑව හන්දියේ සිට ප්‍රධාන ලාම්පු දල්වමින් සහ නලාව ශබ්ද කරමින් ධාවනය කර තිබෙනවා.
අනතුරුව මිරිස්වත්ත ප්‍රදේශයේ දී එම බස් රථය මෙට්‍රෝ බස් රථය ඉස්සර කරමින් එහි ඉදිරිපස දකුණු පස ගැටෙන ආකාරයෙන් අනතුර සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සිදුකළ සුඛෝපභෝගී බස් රථ රියදුරා අද (10) දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පිළියන්දල පොලිසිය සඳහන් කළා.










