ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.
නායකත්වයේ වගකීම මීළඟ පරම්පරාවට පැවරිය යුතු බව තම අවංක අදහස බව ඔහු තේරීම් කමිටුව වෙත යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබෙනවා.
ක්රීඩකයෙකු ලෙස ශ්රී ලංකාව නියෝජනය කිරීම සඳහා තමන් තවදුරටත් සූදානමින් සිටින බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.










