අනියම් බිරිඳ අවසන් ගමන් යැවූ තරුණයා සිය ජීවිතය ගැනත් දරුණු තීරණයක් අරන්

යාපනය පොලිස් වසමේ නල්ලූර් ප්‍රදේශයේදී ඊයේ (05) දින රාත්‍රීයේ කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් ඇති බවට යාපනය පොලිසිය පවසනවා.

මරණකාරිය අවුරුදු‍ 32 ක් වූ නල්ලූර්, යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ අනියම් පුරුෂයා විසින් ඇයට හා ඇයගේ මවට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුද එදින රාත්‍රීයේම යාපනය සිට කොළඹ බලා ධාවනය වන දුම්රියකට පැන සියදිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 38ක් පමණ වූ නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යාපනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.