හැත්තෑ හත් හැවිරිදි පියාට පහර දී වද හිංසාවට ලක් කළ බව පවසන පුතා සහ ලේලිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජී. ද සිල්වා මහතා පැවසුවා.හල්දුම්මුල්ල ඌවතැන්න පදිංචි පුතා සහ ලේලිය අත්අඩංගුවට ගැනීමට සොයන බවත් අවස්ථා කිහිපයකදීම නිවස පරීක්ෂා කිරීමට පොලිසිය ගියද ඔවුන් නිවෙසේ නොසිටි නමුත් පසුව අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය සඳහන් කළා.
ලේලිය ගුරුවරියක බවත්, බත් පතේ සම්බෝලයට කෙළ ගසා ආහාරයට දුන් බවත් පුතා සමඟ පහර දී නිවසින් එළවා දැමූ බවත් පවසමින් ඉකුත් දින හල්දුම්මුල්ල පොලිසියට පැමිණ හැත්තෑ හත් හැවිරිදි පියා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසුවා.
මෙසේ අසරණ වී පොලිසියට පැමිණ ඇත්තේ හල්දුම්මුල්ල ඌවතැන්නේ හැත්තෑ හත් හැවිරිදි දෙදරු පියෙකු බවයි සඳහන් වන්නේ.
ලේලිය පහර දී තම අත සපා කෑ බවද කාලයක් තිස්සේ නිවසේදී තමන් මෙසේ වද හිංසාවලට ලක්වූ බවද ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.
කිලෝමීටර් 5ක් පමණ පා ගමනින්ම පොලිසියට පැමිණ හාමතේ සිටි පියාට පොලිසිය ආහාර ලබා දී සාත්තු සප්පායම් කර හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.