හෙටට යෙදී ඇති ලෝක ජනාවාස දිනට සමගාමීව රට පුරා නිවාස 5000ක් විවෘත කිරීමේ වැඩසටහනක්

හෙට (05) දිනට යෙදී තිබෙන ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස 5,000ක් විවෘත කිරීමේ වැඩසටහනක් සංවිධාන කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා.

ඒ, අනුව සෑම ග්‍රාම නිලධාරි වසමකම අවම වශයෙන් එක් නිවසක් විවෘත කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මෙම නිවාස රජයේ රුපියල් ලක්ෂ 10ක ආධාර සහ ප්‍රජා ශ්‍රමයෙන් ඉදිකර ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර ලෝක ජනාවාස දිනයට සමගාමීව ජල ව්‍යාපෘති රැසක් ද ආරම්භ කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්