පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කුණු කූඩයට විසි කිරීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක

අඛණ්ඩ, ගුණාත්මකභාවයෙන් ඉහළ, අඩුම ඒකක මිල කේන්ද්‍ර කර ගෙන ඉදිරියට යන විදුලි ජනන ප්‍රතිත්තියක රටට අත්‍යාවශ්‍ය බවට සියලු දෙනා පිළිගන්නා බවත් එය සිදුකළ හැක්කේ පුර්ජනනීය බලශක්තියෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

2023 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය කේන්ද්‍ර කර ගත් සිරස්තල නිර්මාණය වුවත් බලයක් නොමැති කාලයේ සටන් පාඨ නිර්මාණය වුවත් ආණ්ඩු බලය ලබාගත් පසු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කුණු කූඩයට විසි කිරීමේ වැඩපිළිවෙළක් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, වත්මන් රජය විසින් සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විනාශ කිරීමේ අරමුණින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු සම්බන්ධයෙන් මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති හමුවක් අවසානයේ අදහස් දක්වමින්.

2016 වසරේ දී සූර්ය බලශක්තිය සුනිත්‍ය බලශක්ති මහා සංග්‍රමයක් තුළින් ව්‍යවසායකයන් දහස් ගණනින් නිර්මාණය කරමින් වෘත්තීය කුසලතා ඇති ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන්, ස්වයං රැකියා හා ව්‍යවසායකයන් ලෙස සූර්ය බලශක්ති නිෂ්පාදන කර්මාන්තයේ නියැලුණත් අද ක්‍රමිකව සූර්ය බලශක්තිය මත පදනම් වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විනාශ කරමින් යන බවයි ඔහු පවසන්නේ.

ධන බලය, ගජමිතුරු සම්බන්ධතා, දේශපාලන සම්බන්ධතා නොමැති මෙම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ව්‍යවසායකත්වය මොට කරන, අඩපණ කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්