පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
ශ්‍රී ලංකා – පාකිස්ථාන විස්සයි විස්ස තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තයයේ සහභාගීත්වයෙන් තුන්කොන් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
මෙම සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නම්කර නොමැති අතර, ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක ද නම්කර තිබෙනවා.
කෙසේ වෙතත් වෛද්‍ය පරීක්ෂණවලින් පූර්ණ ශාරීරික යෝග්‍යතාව ලබා ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව පැතුම්ට මෙම තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිවෙනවා.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය වන්නේ.
පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස් (නායක), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, එශාන් මාලිංග.










