ශ්‍රි ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධාන අනතුරු ඇඟවීමක්

කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් පවතින අවදානම තවදුරටත් එලෙසම පවතින බැවින් සංචරණ සීමා ලිහිල් කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට අනතුරු අඟවනවා.

ඇමරිකානු කලාපයේ රටවලින් පමණක් මිලියන ගණනක් ආසාදිතයන් සතිපතා හඳුනාගැනෙන අතර, යුරෝපය තුළද විශාල වශයෙන් මේ වනවිට ආසාදිතයන් වාර්තාවෙමින් පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරී මයික් රයන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ නව කොරෝනා රැල්ලක ව්‍යාප්තියේ ආරම්භක අවස්ථාවට රටවල් රැසක් මේ වනවිට මුහුණ දෙමින් සිටින බවයි.  

ඒ හේතුවෙන් තවමත් දැනට පනවා ඇති සංචරණ සීමා ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතු බව ඔහු සඳහන් කළා.  

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපය භාර අධ්‍යක්ෂ වෛද්‍ය මට්ෂිඩ්සෝ මොයට් ද ප්‍රකාශ කළේ අප්‍රිකානු මහද්වීපය තුළ කොරෝනා තුන්වන රැල්ල දරුණු වී ඇති බවයි.

රටවල් 53 කින් 36 කම පසුගිය මාස දෙකක කාලය තුළ මරණ හා රෝහල් ගතවීම් අඩුවීමත් සමඟ පැනවූ සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානී හෑන්ස් ක්ලූග් ද කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු සංචරණය තෝරා ගන්නේ නම් එහි වගකීමද ඔහු හෝ ඇය විසින් භාරගත යුතු බවයි.

ඊයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 1,243 අතරින් වැඩිම පිරිසක් එනම්, 223 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොළඹින් 183 දෙනෙකු, ගම්පහින් 168 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර යාපනය – අච්චුවේලි පොලිසියේ නිලධාරියෙකුගේ විවාහ මංගල උත්සවයට සහභාගිවූ තවත් හතරදෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

පසුගියදා අදාළ විවාහ මංගල උත්සවයට සහභාගි වූ අයෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟ අච්චුවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් අටදෙනෙකු ඇතුලු 64 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුනේ.

එමෙන්ම අම්බලන්ගොඩ – හිරේවත්ත මෝදර මහ දේවාලයට පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසු හදිසි මරණ පරීක්ෂණය සහ කොරෝනා පරීක්ෂණය සිදුකිරීම සඳහා දේහය බලපිටිය මූලික රෝහල වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.  



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18